Skip to content

පටුනට යන්න

JW.ORG වෙබ් අඩවිය

JW.ORG වෙබ් අඩවියේ තියෙන වීඩියෝ බලන්න

JW.ORG වෙබ් අඩවියේ තියෙන වීඩියෝ බලන්න

වීඩියෝ එකක් නැත්නම් කොටසක් යටතේ තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න. වීඩියෝ එක පෝස් කරන්න. රීවයින්ඩ් කරන්න. එහෙම නැත්නම් ෆාස්ට් ෆෝවඩ් කරන්න.

 වීඩියෝ එකක් හොයාගෙන ඒක ප්ලේ කරන්න

ලයිබ්‍රරි > වීඩියෝ යටතේ JW බ්‍රෝඩ්කාස්ටිං වීඩියෝ ඇතුළු අපේ වෙබ් අඩවියේ තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න පුළුවන්.

කැමති වීඩියෝ වර්ගයක් තෝරගන්න.

වීඩියෝ වර්ගයක් යටතේ විවිධ විෂයන්ට අදාළ වීඩියෝ එකතුවක් තියෙනවා. වීඩියෝ එකතුවක තියෙන වීඩියෝ බලන්න වමට නැත්නම් දකුණට ස්ක්‍රෝල් කරන්න. එහෙම නැත්නම් ඔක්කොම කියන බට්න් එකක් ක්ලික් කරන්න.

පහත සඳහන් ක්‍රම යොදාගෙන වීඩියෝ එකක් බලන්න නැත්නම් ඒක ෂෙයාර් කරන්න.

  • වීඩියෝ එකේ ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.

  • ඔයාගේ ඩිවයිස් එකට වීඩියෝ සේව් කරගන්න ඕනෙ නම් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න. (සැලකිල්ලට ගන්න: සමහර ඩිවයිස්වලට ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න වෙනත් ඇප් එකක් පාවිච්චි කරන්න වෙයි. ඔයාගේ ඩිවයිස් එකේ JW ලයිබ්‍රරි ඇප් එක තියෙනවා නම් ඒ ඇප් එක හරහා වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන සේව් කරන එක තමයි හොඳම දේ.)

  • වීඩියෝ එකේ ලින්ක් එකක් කාට හරි යවන්න ඕනෙ නම් ලින්ක් එක යවන්න කියන බට්න් එක ක්ලික් කරන්න. වැඩි විස්තර දැනගන්න “ලිපියක, වීඩියෝ එකක නැත්නම් ප්‍රකාශනයක ලින්ක් එක යවන්න” කියන කොටස බලන්න.

  • වීඩියෝ එක වෙනත් භාෂාවකින් බලන්න කැමති නම් වීඩියෝ එකේ නමට දකුණු පැත්තෙන් තියෙන කොටුවට ගිහින් කැමති භාෂාව තෝරගන්න.

 කොටසක් යටතේ තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න

වීඩියෝ වර්ගයක තියෙන හැම වීඩියෝ එකක්ම ප්ලේ කරන්න ෂෆ්ල් කරන්න බට්න් එක ක්ලික් කරන්න.

වීඩියෝ එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න ක්‍රම දෙකක් තියෙනවා.

  • වීඩියෝ එකතුවක හැම වීඩියෝ එකක්ම තියෙන පිළිවෙළටම ප්ලේ කරන්න ඔක්කොම බට්න් එක ක්ලික් කරන්න.

  • වීඩියෝ එකතුවක හැම වීඩියෝ එකක්ම තියෙන පිළිවෙළටම ප්ලේ කරගන්න ඕනෙ නැත්නම් ෂෆ්ල් බට්න් එක ක්ලික් කරන්න.

සැලකිල්ලට ගන්න: වීඩියෝ වර්ගයක නැත්නම් වීඩියෝ එකතුවක තියෙන හැම වීඩියෝ එකක්ම ප්ලේ කළාට පස්සේ ඒවා ආයෙත් ප්ලේ වෙන්නේ නැහැ.

 වීඩියෝ එකේ ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ

වීඩියෝ එකක් බලද්දී මේ වෙනස්කම් කරන්න ඔයාට පුළුවන්.

  • වීඩියෝ එකේ තිරය ලොකු කරගන්න නැත්නම් පොඩි කරගන්න ෆුල් ස්ක්‍රීන් බට්න් එක ක්ලික් කරන්න.

  • වීඩියෝ එකක් ටිකකට නතර කරන්න පෝස් බට්න් එක ක්ලික් කරන්න.

  • නවත්තපු තැන ඉඳන් වීඩියෝ එක ආයෙත් බලන්න ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.

  • වීඩියෝ එක බලන ගමන් ඔයාට ඉස්සරහට හෝ ආපස්සට යන්න ඕනෙ නම් ප්ලේ වෙන තැන පෙන්වන සුදුපාට රවුම එහාට මෙහාට අදින්න.

  • ශබ්දය අඩු වැඩි කරගන්න ඕනෙ නම් වොලියුම් බට්න් එක ක්ලික් කරලා අඩු වැඩි කරන්න. ටැබ් එකක් නැත්නම් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ ඩිවයිස් එකේ ඕඩියෝ බට්න් එකෙන් ශබ්දය අඩු වැඩි කරගන්න පුළුවන්.

 වීඩියෝ එකක සෙටිංස් වෙනස් කරන්න

සෙටිංස් බට්න් එක ක්ලික් කරලා වීඩියෝ එකේ රෙසලූෂන් එක වෙනස් කරගන්න පුළුවන්. (සැලකිල්ලට ගන්න: හැම බ්‍රව්සර් එකකින්ම රෙසලූෂන් වෙනස් කරගන්න බැහැ.)

ඒ ඉලක්කම්වලින් අදහස් වෙන්නේ මොනවාද? ලොකුම ඉලක්කමෙන් අදහස් වෙන්නේ හොඳම වීඩියෝ කොලිටි එක. ඒකට ඉන්ටර්නෙට් සම්බන්ධය වේගවත්ව වැඩ කරන්න ඕනේ. ඔයාගේ ඉන්ටර්නෙට් සම්බන්ධයට, ඔයාගේ ඩිවයිස් එකේ ස්ක්‍රීන් එකට, ඔයාට වියදම් කරන්න පුළුවන් ගාණට හරියන රෙසලූෂන් එක තෝරගන්න.

එක් එක් වීඩියෝ රෙසලූෂන් ගැන කෙටි විස්තරයක් පහත වගුවේ සඳහන් වෙනවා.

රෙසලූෂන්

විස්තරය

240p

අඩුම කොලිටි එක. පොඩි ස්ක්‍රීන් එකක් තියෙන ඩිවයිස් එකකට ගැළපෙනවා.

360p

අඩු කොලිටි. පොඩි ස්ක්‍රීන් එකක් තියෙන ඩිවයිස් එකකට ගැළපෙනවා.

480p

සාමාන්‍ය කොලිටි එක. ටැබ්වලට, කොම්පියුටර්වලට සහ සාමාන්‍ය TVවලට ගැළපෙනවා.

720p

හොඳම කොලිටි එක (HD). අඩුම තරමින් 1024 x 768ක ස්ක්‍රීන් රෙසලූෂන් එකක් තියෙන කොම්පියුටර් එකකට නැත්නම් අඩුම තරමින් 1280 x 720ක රෙසලූෂන් එකක් තියෙන HDTV එකකට ගැළපෙනවා.

වීඩියෝ රෙසලූෂන් එක වෙනස් කරන්න ඕනෙ ඇයි? ඔයාගේ ඉන්ටර්නෙට් එකේ වේගය අඩු නම් ඒ වගේම වීඩියෝ එක කැඩි කැඩි ප්ලේ වෙනවා නම් අඩු රෙසලූෂන් එකක් තෝරගන්න එක තමයි හොඳම දේ. ඔයාගේ කොම්පියුටර් එකට නැත්නම් ඩිවයිස් එකට ගැළපෙන ඉහළම රෙසලූෂන් එක තෝරගන්න. ඩේටා ඉතුරු කරගන්න ඕනෙ නම් අඩු රෙසලූෂන් එකක් තෝරගන්න.

වීඩියෝ එක ප්ලේ වෙන භාෂාවෙන්ම උපසිරැසි අවශ්‍ය නම් එහෙම නැත්නම් උපසිරැසි අයින් කරගන්න ඕනෙ නම් Subtitles බට්න් එක ක්ලික් කරන්න.

සැලකිල්ලට ගන්න: හැම භාෂාවකින්ම උපසිරැසි ලබාගන්න බැහැ.