Skip to content

යේසුස් සියලු බලැති දෙවිද?

යේසුස් සියලු බලැති දෙවිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නැහැ. යේසුස්ගේ විරුද්ධකාරයන් ඔහුට චෝදනා කළා ඔහු දෙවියන්ට සමාන වෙන්න හදනවා කියලා. (යොහන් 5:18; 10:30-33) හැබැයි යේසුස් කවදාවත් සියලු බලැති දෙවිට සමාන වෙන්න හැදුවේ නැහැ. ඔහු මෙහෙම කිව්වා. “පියාණන් මට වඩා උතුම්.”—යොහන් 14:28.

 යේසුස් සියලු බලැති දෙවියන්ට සමානයි කියලා ඔහුගේ මුල් අනුගාමිකයන්වත් හිතුවේ නැහැ. උදාහරණයකට යේසුස් නැවත නැඟිට්ටට පස්සේ ඔහුගේ අනුගාමිකයෙක් වුණ පාවුල් යේසුස් ගැන මෙහෙම ලිව්වා. දෙවියන් ‘ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළා.’ දෙවියන් යේසුස්ව කලින් හිටපු තත්වයට වඩා උසස් කළා නම් යේසුස් සියලු බලැති දෙවි වෙන්න බැහැ. පාවුල්ද ඒක විශ්වාස කළා.—ෆිලිප්පි 2:9.