Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මැවුම්වාදීන්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මැවුම්වාදීන්ද?

 නැහැ. දෙවියන් හැම දේම නිර්මාණය කළා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. හැබැයි අපි මැවුම්වාදීන් නෙමෙයි. මොකද මැවුම්වාදීන්ගේ සමහර විශ්වාසයන් බයිබලයට එකඟ නැහැ. ඒක තේරුම්ගන්න මේ උදාහරණ දෙක බලන්න.

  1.   හැම දේම නිර්මාණය කරන්න ගත වුණු දවස් හය. මැවුම්වාදීන් විශ්වාස කරන්නේ හැම දේම නිර්මාණය කරන්න ගත වුණු දවස් හය පැය 24 දවස් හයක් කියලයි. ඒත් බයිබලයේ “දවස” කියලා යොදලා තියෙන වචනයට දීර්ඝ කාල පරිච්ඡේදයක් කියන අදහසත් තියෙනවා.—උත්පත්ති 2:4; ගීතාවලිය 90:4.

  2.   පෘථිවියේ ආරම්භය. පෘථිවිය මවලා අවුරුදු 10,000ක්වත් ගත වෙලා නැහැ කියලයි මැවුම්වාදීන් කියන්නේ. ඒත් දෙවියන් පෘථිවියේ තියෙන දේවල් නිර්මාණය කරන්න පටන්ගත්ත දවස් හයට බොහෝ කාලයකට කලින් විශ්වය හා පෘථිවිය නිර්මාණය කරලා තිබුණා කියලා බයිබලයේ පැහැදිලිවම පෙන්වනවා. (උත්පත්ති 1:1) පොළොව අවුරුදු බිලියන ගාණක් පරණ ඇති කියලා විද්‍යාඥයනුත් අනුමාන කරනවා. ඒ අදහසට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විරුද්ධ නැහැ.

 දෙවියන් හැම දේම නිර්මාණය කළා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි විශ්වාස කළත් විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන දේවල් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන සත්‍යය බයිබලයට එකඟයි.