Skip to content

රොස්තෝව්-නදානු නගරය සුන්දර කරන්න අත දුන් සාක්ෂිකරුවන්

රොස්තෝව්-නදානු නගරය සුන්දර කරන්න අත දුන් සාක්ෂිකරුවන්

2015 මැයි 20වෙනිදා රුසියාවේ විශාල නගරයක් වුණු රොස්තෝව්-නදානුවල නගරාධිපතිගෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලියුමක් ලැබුණා. ඒකේ මෙහෙම සඳහන් වුණා. “වසන්ත කාලයේදී රොස්තෝව්-නදානු නගරය ලස්සනට තියාගන්න සාක්ෂිකරුවන් දරපු වෙහෙස, වුණ කැපවීම අපි හුඟක් අගය කරනවා.”

රොස්තෝව්-නදානු නගරය පිරිසිදු කරන්න බලධාරීන් විශේෂ වැඩසටහනක් සැලසුම් කළා. ඒකට සභා හතරක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් එකතු වුණේ හරිම සතුටින්. එයාලා පාර දෙපැත්තේ සහ ගං ඉවුරේ තියෙන කැළි කසල එකතු කරන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කළා. පැය කිහිපයක් යද්දී සාක්ෂිකරුවන් කුණු එකතු කරපු බෑග් 300ක් විතර ට්‍රක්වලට පැටෙව්වා.

සාක්ෂිකරුවන් මෙච්චර ලොකු උනන්දුවකින් පිරිසිදු කිරීමේ වැඩවලට හවුල් වුණේ ඇයි? වයස අවුරුදු 67ක් වුණු රයිසා මේ විදිහට කියනවා. “නගරය මේ විදිහට පිරිසිදුව තියෙනවා නම් කොච්චර හොඳද! එතකොට හැමෝටම හොඳ වටපිටාවක සතුටින් ඉන්න පුළුවන්. සමහරවිට අපි කරපු දේ වැඩිදෙනෙක් දැනගන්න එකක් නැහැ. ඒත් අපි ඒ දේ කරේ ගොඩක් සතුටින්. අපි දන්නවා යෙහෝවා දෙවියනුත් ඒ ගැන සතුටු වෙනවා කියලා.” ඇලෙක්සැන්ඩර් මෙහෙම කියනවා. “අපි මිනිසුන්ට ශුභාරංචිය කියනවා විතරක් නෙමෙයි එයාලා වෙනුවෙන් මේ වගේ උදව් කරන්නත් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන එක හුඟක් අය අගය කළා. එයාලා මේ හැම දෙයක්ම කරන්නේ කිසිම මුදලක් ගන්නේ නැතුව කියලා දැනගත්ත නගර වැසියෙක් ඒ ගැන ගොඩක් පුදුම වුණා. පස්සේ එයා සාක්ෂිකරුවන් එක්ක පිරිසිදු කරන්න හවුල් වුණා. එයා මෙහෙම කියනවා. “මං කවදාවත් හිතුවේ නැහැ පිරිසිදු කරන්න හවුල් වෙන එකෙන් සතුටක්, තෘප්තියක් ලබන්න පුළුවන් කියලා. ඔයාලාගෙන් සමහරු මෙහේ පදිංචිකරුවනුත් නෙමෙයි. හැබැයි එහෙම වෙලාත් ඔයාලා ඇවිල්ලා පිරිසිදු කරන්න හවුල් වුණා.”

සාක්ෂිකරුවන් පොඩි කණ්ඩායමක් ඇවිත් මොන තරම් කුණු ප්‍රමාණයක් එකතු කළාද කියලා නගරයේ නිලධාරියෙක් දැක්කා. පස්සේ එයා සාක්ෂිකරුවන් කුණු එකතු කරපු බෑග් තියන් ඉන්න ෆොටෝ එකක් අරගත්තා. එයා මෙහෙම කියනවා. “මේ ෆොටෝ එක දකිද්දී හැමෝටම තේරෙයි, වැඩ කරනවා නම් කරන්න ඕනෙ මෙන්න මෙහෙමයි කියලා.”