2017 සමුළු වැඩසටහන

මේ සමුළුවෙන් පීඩා මැද්දේ විඳදරාගෙන දිගටම හරි දේ කරන්න ඔයාට ලොකු දිරිගැන්වීමක් ලැබෙයි. දින තුනේම තොරතුරු වැඩසටහනෙන් බලන්න.

සිකුරාදා

දුෂ්කරතා මැද්දේ විඳදරාගෙන ඉන්න ක්‍රිස්තියානීන්ට උදව් වෙන දේවල් මොනවාද?

සෙනසුරාදා

යෙහෝවා දෙවි අපිට විඳදරාගන්න උපකාරයත් සැනසිල්ලත් ලබා දෙන්නේ කොහොමද?

ඉරිදා

“ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි” කියලා යේසුස් කිව්වා. ඔහු කිව්ව විදිහටම විඳදරාගන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

සහභාගි වෙන අය සඳහා තොරතුරු

සමුළුවේ පවත්වන අමතර රුස්වීම් ගැන තොරතුරු බලන්න පුළුවන්. පරිවාරකයන්, බව්තීස්මය, සම්මාදම්, ප්‍රථමාධාර, නැති වූ භාණ්ඩ, පුටු සහ ස්වේච්ඡා සේවය ගැනත් මෙතැනින් බලන්න.