1 යොහන් 5:1-21

5  යේසුස් යනු ක්‍රිස්තුස් බව විශ්වාස කරන සෑම කෙනෙක්ම දෙවිගේ දරුවෙකි.+ තමාට එසේ ජීවනය ලබා දුන් තැනැත්තාණන්ට ප්‍රේම කරන සෑම කෙනෙක්ම ඔහුගේ අනිකුත් දරුවන්ටද ප්‍රේම කරයි.+  අප දෙවිට ප්‍රේම කරමින් ඔහුගේ ආඥා පිළිපදින විට+ අපි ඔහුගේ දරුවන්ට+ ප්‍රේම කරන බව ඉන් දැනගන්නෙමු.+  මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+  මන්ද දෙවිගේ දරුවන් වන සියලුදෙනාම+ මේ ලෝකයෙන් ජය ගෙන සිටිති.+ මේ ලෝකයෙන් අප ජය ගන්නේ+ අප තුළ තිබෙන විශ්වාසය මාර්ගයෙනි.+  මේ ලෝකයෙන්+ ජය ගන්නේ+ යේසුස් දෙවිගේ පුත්‍රයා බව+ විශ්වාස කරන තැනැත්තාය.+  වතුර සහ රුධිරය මාර්ගයෙන් පැමිණි තැනැත්තා නම් යේසුස් ක්‍රිස්තුස් වන ඔහුය. ඔහු පැමිණියේ වතුර මාර්ගයෙන් පමණක් නොව+ වතුරත් රුධිරයත් ඇතුවය.+ ඊට සාක්ෂි දරන්නේ දෙවිගේ බලයයි.+ මන්ද දෙවිගේ බලයෙන් සැබෑ සාක්ෂියක් ලැබේ.  ඊට සාක්ෂි දරන ක්‍රම තුනක් තිබේ.  ඒ දෙවිගේ බලය,+ වතුර+ සහ රුධිරයයි.+ ඒ ක්‍රම තුන අතරම එකඟතාවක් පවතී.+  මිනිසුන් ලබා දෙන සාක්ෂිය අප පිළිගන්නවා නම්+ දෙවි ලබා දෙන සාක්ෂිය ඊටත් වඩා ප්‍රබල බව අප අමතක නොකළ යුතුයි. මන්ද දෙවි දෙන සාක්ෂිය නම් ඔහු තම පුත්‍රයා පිළිබඳව දී ඇති සාක්ෂියයි.+ 10  දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට එම සාක්ෂිය ලැබේ.+ දෙවි කෙරෙහි විශ්වාසය නැති තැනැත්තා දෙවි තම පුත්‍රයා ගැන දී ඇති සාක්ෂිය+ කෙරෙහි විශ්වාසය නොතබයි.+ එමගින් ඔහු දෙවිව බොරුකාරයෙකු කරයි.+ 11  දෙවි දී තිබෙන සාක්ෂිය නම් දෙවි අපට සදාකාල ජීවනය දුන් බවට වූ කාරණයයි.+ අපට ඒ ජීවනය ඔහුගේ පුත්‍රයාගෙන් ලැබේ.+ 12  පුත්‍රයාව පිළිගන්නා තැනැත්තාට ජීවනය ඇත. දෙවිගේ පුත්‍රයාව පිළි නොගන්නා තැනැත්තාට ජීවනය නැත.+ 13  දෙවිගේ පුත්‍රයාගේ නාමය කෙරෙහි විශ්වාසය තබන ඔබට+ මා මේ දේවල් ලියන්නේ සදාකාල ජීවනය ඔබ සතු බව ඔබ දැනගන්නවාට මා කැමති නිසාය.+ 14  අපට තිබෙන ස්ථිර විශ්වාසය නම්+ දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.+ 15  ඊට අමතරව අප කුමක් ඉල්ලුවත් ඔහු අපට සවන් දෙන බව අප දන්නවා නම්+ අප ඔහුගෙන් ඒ දේවල් ඉල්ලූ නිසා ඒවා අපට ලැබෙන බව අපි දනිමු.+ 16  මරණයට හේතු නොවන පාපයක්+ තම සහෝදරයා කරනවා යමෙකු දුටුවොත් ඔහු ඒ පුද්ගලයා වෙනුවෙන් යාච්ඤා කළ යුතුයි. එවිට ඒ පුද්ගලයාට ජීවනය දෙනු ලැබේ.+ මන්ද ඔහු අතින් සිදු වූයේ මරණයට හේතු නොවන පාපයකි.+ මරණය ලැබිය යුතු පාපයක්ද තිබේ. එවැනි පාපයක් කරන කෙනෙකු ගැන යාච්ඤා කිරීම අවශ්‍ය නැති බව මම එකහෙළාම පවසමි.+ 17  සෑම අධර්මිෂ්ඨ ක්‍රියාවක්ම පාපය ලෙස සැලකිය යුතුයි.+ නමුත් මරණයට හේතු නොවන පාපයක්ද තිබේ. 18  දෙවිගේ දරුවන් වන සෑම කෙනෙකුම+ පාපයේ නියැලී නොසිටින බව අපි දනිමු. දෙවි විසින්ම බිහි කළ තැනැත්තා*+ ඔවුන්ව රැකබලා ගනියි. එහෙයින් ඔවුන්ව අල්ලාගැනීමට දුෂ්ටයාට නුපුළුවන.+ 19  අප දෙවිට යටත්ව සිටින බවත්+ මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන බවත් අපි දනිමු.+ 20  නමුත් දෙවිගේ පුත්‍රයා පැමිණ ඇති බවත්+ සැබෑ වූ තැනැත්තාණන් ගැන දැනුම ලබාගැනීමට+ ඔහු අපට වටහාගැනීමේ+ හැකියාව දී ඇති බවත් අපි දනිමු. සැබෑ වූ තැනැත්තාණන්ගේ පුත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි ඔහු සමඟ එකට බැඳී සිටිමු.+ සැබෑ+ දෙවි හා සදාකාල ජීවනය ලබා දෙන තැනැත්තාණන් ඔහුය.+ 21  ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් වැළකී සිටින්න.+

පාදසටහන්

පළමුවෙනි ඡේදයේ සඳහන් පරිදි, “දෙවි විසින්ම බිහි කළ තැනැත්තා” යනු දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ය.