Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2018 අංක 2 | පවුලේ සතුටට යෝජනා 12ක්

පවුලේ සතුටට යෝජනා 12ක්

පවුල් අවුල් වෙන හේතු ගැන අද අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. ඒ නිසා පවුලේ හැමෝටම ආදරෙන් ඉන්න උදව් වෙන්නේ මොනවාද කියලා අපි මේ සඟරාවෙන් බලමු.

  • 1990ත් 2015ත් අතර කාලයේ එක්සත් ජනපදයේ අවුරුදු 50ට වැඩි යුවළයන් දික්කසාද වෙන ප්‍රතිශතය දෙගුණයකින් වැඩි වෙලා. අවුරුදු 65ට වැඩි යුවළයන් දික්කසාද වෙන ප්‍රතිශතය තුන්ගුණයකින් වැඩි වෙලා.

  • සමහර විද්වතුන් කියනවා දරුවන්ව නිතරම අගය කරන්න ඕනෙ කියලා. තවත් අය කියනවා දරුවන්ට තදින් ඉන්න ඕනෙ කියලා. ඒ නිසා හරි දේ මොකක්ද කියලා දෙමාපියන්ට හිතාගන්න බැහැ.

  • වැඩිහිටි වියට පය තියන හුඟක් යෞවනයන් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කොහොමද කියලා දන්නේ නැහැ.

කොහොමවුණත් අපි මේ කරුණු තුන මතක තියාගමු.

  • විවාහක යුවළකට හැමදාම සතුටින් එකට ඉන්න පුළුවන්.

  • දරුවන්ව ආදරෙන් හික්මවන විදිහ ඉගෙනගන්න දෙමාපියන්ට පුළුවන්.

  • අනාගතයේදී වැඩිහිටියන් විදිහට සාර්ථක ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න යොවුන් දරුවන්ට පුළුවන්.

ඒ කොහොමද? ඒකට උදව් වෙන යෝජනා 12ක් දැන් බලමු.

 

1: බැඳීම රැකගන්න

විවාහය සාර්ථක කරගන්න උදව් වෙන යෝජනා තුනක්.

2: සහයෝගය දෙන්න

විවාහ වෙලා ඉන්න ඔය දෙන්නා ජීවත් වෙන්නේ එක ගෙදර ඉන්න බෝඩිංකාරයෝ වගේද?

3: ගෞරව කරන්න

වචනයෙන් සහ ක්‍රියාවෙන් එකිනෙකාට ගෞරවය පෙන්වන්න පුළුවන් විදි ගැන දැනගන්න.

4: සමාව දෙන්න

ඔයා විවාහ වෙලා ඉන්න කෙනා අතින් වරදක් වුණාම සමාව දෙන්න උදව් වෙන්නේ මොනවාද?

5: කතාබහ කරන්න

දරුවන්ට ළං වෙන්න උදව් වෙන යෝජනා තුනක් දැනගන්න.

6: හික්මවන්න

හික්මවීම් දෙද්දී දරුවන්ගේ ආත්ම විශ්වාසය අඩු වෙනවාද?

7: සාරධර්ම උගන්වන්න

හරි දේ සහ වැරදි දේ මොකක්ද කියලා දරුවන්ට කියලා දෙන්නේ කොහොමද?

8: ආදර්ශවත් වෙන්න

ඔයා කියන දේ කෙරුවොත් තමයි දරුවොත් ඔයා කියන දේ කරන්නේ.

9: ඔයාවම හඳුනාගන්න

විශ්වාසයන් ගැන බය නැතුව කතා කරන්න යොවුන් දරුවන්ට පුළුවන් කොහොමද?

10: විශ්වාසවන්ත වෙන්න

දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න එක වැඩිහිටියෙක් වුණාම වගකීම් දරන්න ඔයාට උදව් වෙයි.

11: කඩිසර වෙන්න

යෞවනයෙක් විදිහට කඩිසරව වැඩ කරන එක සාර්ථක ජීවිතයක් ගත කරන්න උදව් වෙනවා.

12: ඉලක්ක තියාගන්න

ඉලක්ක ජය ගද්දී ආත්ම විශ්වාසය වැඩි වෙනවා. මිතුදම් ශක්තිමත් කරගන්නත් සතුටක් අද්දකින්නත් පුළුවන් වෙනවා.

පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්තොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන් වෙනවා.