Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ජීවිතය නැති කරගැනීමද විසඳුම?

බලාපොරොත්තුවක් තියෙනවා

බලාපොරොත්තුවක් තියෙනවා

“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”ගීතාවලිය 37:11.

මිනිසුන්ගේ ජීවිත “දුක් කම්කටොලුවලින් පිරී ඇත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 14:1) අද මිනිස්සු එක පිට එක විපත්තිවලට මුහුණ දෙනවා. ඒ නිසා මිනිස්සු හිතන්නේ අනාගතය අඳුරුයි, කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලයි. ඔබටත් හිතෙන්නේ ඒ විදිහටද? දුක් වෙන්න එපා. ඔබට විතරක් නෙමෙයි මුළු මිනිස් වර්ගයාටම දීප්තිමත් අනාගතයක් ගැන බලාපොරොත්තුවක් බයිබලයේ දීලා තියෙනවා. උදාහරණයකට,

  • මනුෂ්‍යයන්ට යහපත් ජීවිතයක් ලබා දීමට දෙවියන් අරමුණු කළා කියලා බයිබලයේ සඳහන් වෙනවා.උත්පත්ති 1:28.

  • මුළු පොළොවම පාරාදීසයක් කරනවා කියා දෙවියන් පොරොන්දු වෙනවා.යෙසායා 65:21-25.

  • ඒ පොරොන්දුව අනිවාර්යෙන්ම ඉටු වෙනවා. ඒ ගැන බයිබලයේ එළිදරව් 21:3, 4 මෙහෙම සඳහන් වෙනවා.

    “දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”

ඒ පොරොන්දුව සිහිනයක් නෙමෙයි. එය ඉටු කිරීමට දැනටමත් දෙවියන් පියවර අරන් තියෙනවා. ඒ වගේම දෙවියන්ට එය ඉටු කරන්න විශාල බලයකුත් ලොකු ආශාවකුත් තියෙනවා. ඒ පොරොන්දුව අනිවාර්යෙන්ම ඉටු වෙනවා කියන විශ්වාසය, ජීවිතය නැති කරගන්නවා වෙනුවට බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වෙන්න අපිට උදව් වෙනවා.

මතක තියාගන්න: කැලඹුණු මුහුදක තියෙන නැවක් වගේ ඔබේ සිතුවිලි ඒ මේ අත ගසාගෙන යද්දී බයිබලයේ සඳහන් සැනසිලිදායක පොරොන්දුව නැංගුරමක් වගේ ඔබේ මනස සන්සුන්ව තබාගන්න උදව් වෙයි.

අදම කරන්න: අනාගතය ගැන බයිබලයේ දී තියෙන පොරොන්දුව ගැන තවත් දැනගන්න. ඒ සඳහා ඔබට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි. ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් හෝ jw.org/si වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගන්න ඔබට පුළුවන්. *

^ 11 ඡේ. යෝජනාවක්: jw.org/si වෙබ් අඩවියේ ප්‍රකාශන > ඔන්ලයින් ලයිබ්‍රරි යටතේ “මානසික අවපීඩනය” හෝ “දිවි නසාගැනීම” යන වචනවලින් තවත් තොරතුරු සොයා බලන්න.