Skip to content

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. ඔප්පු වෙනවා. “මෙලොවට ගැලවුම්කරු” විදිහට එන “නායකයා වන මෙසියස්” ගැන තිබ්බ අනාවැකි විශාල ප්‍රමාණයක් යේසුස් මේ පොළොවේ ඉද්දීම ඉටු වුණා. (දානියෙල් 9:25; 1 යොහන් 4:14) යේසුස් මිය ගියාට පස්සෙත් මෙසියස්, ඒ කියන්නේ ගැලවුම්කරු ගැන තිබ්බ අනාවැකි යේසුස් තුළින් ඉටු වුණා.—ගීතාවලිය 110:1; ක්‍රියා 2: 34-36.

 “මෙසියස්” කියන වචනයේ තේරුම මොකක්ද?

 “මෂියා” (මෙසියස්) කියන හෙබ්‍රෙව් වචනයටත් ඒකට ග්‍රීක භාෂාවෙන් කියන “ක්‍රිස්ටොස්” (ක්‍රිස්තුස්) කියන වචනයටත් තියෙන්නේ එකම අදහස. ඒ “විශේෂ පැවරුමක් ඉටු කිරීමට පත් කළ තැනැත්තා” කියන එකයි. ඒ නිසා “යේසුස් ක්‍රිස්තුස්” කියලා කිව්වාම ඒකෙන් අදහස් කරන්නේ “විශේෂ පැවරුමක් ඉටු කිරීමට පත් කළ තැනැත්තා වන යේසුස්,” එහෙමත් නැත්නම් “ගැලවුම්කරු වන යේසුස්” කියන එකයි.

 අතීතයේදී කෙනෙක්ව යම් විශේෂ පැවරුමක් ඉටු කරන්න පත් කරද්දී එයාගේ හිසට තෙල් වත් කරලා එයාව අභිෂේක කළා. (ලෙවී කතාව 8:12; 1 සාමුවෙල් 16:13) ඒත් දෙවියන් යේසුස්ව අභිෂේක කළේ හිසට තෙල් වත් කරලා නෙමෙයි. දෙවියන් ඒක කළේ තමන්ගේ බලය මාර්ගයෙන්. (මතෙව් 3:16) දෙවියන් යේසුස්ව මෙසියස්, ඒ කියන්නේ ගැලවුම්කරු හැටියට අභිෂේක කරලා ඔහුට විශාල බලයක්, අධිකාරියක් දුන්නා.—ක්‍රියා 2:36.

 ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි කිහිපදෙනෙක් තුළින් ඉටු වෙන්න පුළුවන්ද?

 බැහැ. උදාහරණෙකට මෙහෙම හිතන්න. කිහිපදෙනෙක්ට එකම ඇඟිලි සලකුණ තියෙන්න විදිහක් නැහැ. ඒ හා සමානව බයිබලයේ ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවල ඉටුවීම සිද්ධ වෙන්නේ එක් කෙනෙක් තුළින් විතරයි. කිහිපදෙනෙක් තුළින් ඒවා ඉටු වෙන්නේ නැහැ. ඒ අනාවැකි ඉටු වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් තුළින් විතරයි. ඒත් බයිබලයේ මෙහෙම අනතුරු අඟවලා තියෙනවා. “බොරු ක්‍රිස්තුස්වරුන්ද බොරු අනාගතවක්තෘවරුන්ද මතු වී හැකි නම් තෝරාගත් අයව පවා නොමඟ යැවීම සඳහා මහත් ලකුණු හා පුදුම දේ පෙන්වයි.”—මතෙව් 24:24.

 ගැලවුම්කරු අනාගතයේදී එන කෙනෙක් වෙන්න බැරිද?

 බැහැ. මොකද ගැලවුම්කරු විදිහට දෙවියන් තෝරාගත්ත තැනැත්තා, ඒ කියන්නේ මෙසියස් ඊශ්‍රායෙලයේ හිටිය දාවිත් රජුගේ පෙළපතින් පැවතෙන කෙනෙක් කියලා අනාවැකිවල සඳහන් වෙනවා. (ගීතාවලිය 89:3, 4) අතීත යුදෙව් පෙළපත් වාර්තා යේසුස් මේ පොළොවේ ජීවත් වුණ කාලයේදීත් තිබුණා. තමන් දාවිත්ගේ පෙළපතට අයිතියි කියලා යේසුස් බය නැතුව කිව්වා. ඒක බොරුවක් නම් යේසුස්ගේ සතුරන් අනිවාර්යයෙන්ම ඒ පෙළපත් වාර්තාවල තියෙන තොරතුරු පෙන්වලා යේසුස් කියපු දේ බොරුවක් කියලා ඔප්පු කරනවා. ඒත් එයාලට ඒක කරන්න බැරි වුණා. (මතෙව් 22:41-46) යුදෙව් පෙළපත් වාර්තා දැන් නැති නිසා තමන් දාවිත්ගේ පෙළපතට අයිතියි කියලා කිසිම කෙනෙකුට ඔප්පු කරන්න බැහැ. සමහරවිට ක්‍රිස්තු වර්ෂ 70දී රෝමවරුන් යෙරුසලම යටත් කරගද්දී ඒ පෙළපත් වාර්තා විනාශ වෙන්න ඇති.  a

 බයිබලයේ ගැලවුම්කරු ගැන අනාවැකි කීයක් තියෙනවාද?

 මෙසියස්, ඒ කියන්නේ ගැලවුම්කරු ගැන අනාවැකි මෙච්චරක් තියෙනවා කියලා නිශ්චිතවම කියන්න අමාරුයි. මොකද ගැලවුම්කරු ගැන බයිබලයේ පැහැදිලිවම සඳහන් අනාවැකි වුණත් එක් එක් කෙනා ගණන් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. උදාහරණෙකට යෙසායා 53:2-7 දක්වා තියෙන කොටසේ පැමිණීමට නියමිත ගැලවුම්කරු ගැන තොරතුරු ගොඩක් සඳහන් වෙනවා. සමහර අය ඒ මුළු කොටසම එක අනාවැකියක් විදිහට සලකන්න පුළුවන්. තවත් අය ඒ හැම අදහසක්ම වෙන වෙනම අනාවැකි විදිහට සලකන්නත් පුළුවන්.

 යේසුස් තුළින් ඉටු වුණ ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි සමහරක්

අනාවැකිය

අනාවැකිය බයිබලයේ සඳහන් වෙන තැන

අනාවැකියේ ඉටු වීම ගැන සඳහන් වෙන තැන

ආබ්‍රහම්ගෙන් පැවතෙයි

උත්පත්ති 22:17,18

මතෙව් 1:1

ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගෙන් පැවතෙයි

උත්පත්ති 17:19

මතෙව් 1:2

ඊශ්‍රායෙලයේ යූදා ගෝත්‍රයේ උපත ලබයි

උත්පත්ති 49:10

මතෙව් 1:1, 3

දාවිත් රජුගෙන් පැවතෙයි

යෙසායා 9:7

මතෙව් 1:1

අවිවාහක තරුණියකගේ කුසේ පිළිසිඳගනියි

යෙසායා 7:14

මතෙව් 1:18, 22, 23

බෙත්ලහෙමේ උපත ලබයි

මීකා 5:2

මතෙව් 2:1, 5, 6

එම්මානුවෙල් යන නමින් හඳුන්වනු ලබයි b

යෙසායා 7:14

මතෙව් 1:21-23

සාමාන්‍ය පවුලක උපත ලබයි

යෙසායා 53:2

ලූක් 2:7

ඔහුගේ උපතින් පසුව දරුවන්ව මරා දමයි

යෙරෙමියා 31:15

මතෙව් 2:16-18

ඊජිප්තුවෙන් කැඳවාගනියි.

හොෂෙයා 11:1

මතෙව් 2:13-15

නාසරෙත්හි වැසියෙක් කියා හඳුන්වනු ලබයි c

යෙසායා 11:1

මතෙව් 2:23

මෙසියස්ට ඉදිරියෙන් පණිවිඩකරුවෙකුව යවයි.

මලාකි 3:1

මතෙව් 11:7-10

ක්‍රි.ව. 29දී මෙසියස් විදිහට අභිෂේක කරනු ලබයි d

දානියෙල් 9:25

මතෙව් 3:13-17

දෙවියන් ගැලවුම්කරුව තම පුත්‍රයා ලෙස පිළිගනියි

ගීතාවලිය 2:7

ක්‍රියා 13:33, 34

දෙවියන්ගේ ගෘහය ගැන ළැදියාවක් දක්වයි

ගීතාවලිය 69:9

යොහන් 2:13-17

ශුභාරංචිය ප්‍රකාශ කරයි

යෙසායා 61:1

ලූක් 4:16-21

ගලීලයේ සේවය කරලා හුඟදෙනෙක්ට දෙවියන්ට ළං වෙන්න උදව් කරයි

යෙසායා 9:1, 2

මතෙව් 4:13-16

මෝසෙස් වගේ පුදුම ක්‍රියා කරයි

ද්විතීය කතාව 18:15

ක්‍රියා 2:22

මෝසෙස් වගේ දෙවියන් පැවසූ දේවල් ප්‍රකාශ කරයි

ද්විතීය කතාව 18:18, 19

යොහන් 12:49

රෝගීන් බොහෝදෙනෙකුව සුව කරයි

යෙසායා 53:4

මතෙව් 8:16, 17

තමන් වෙතට අවධානය ඇද නොගනියි

යෙසායා 42:2

මතෙව් 12:17, 19

පීඩාවට පත් වෙලා ඉන්න අයට අනුකම්පා කරයි

යෙසායා 42:3

මතෙව් 12:9-20; මාක් 6:34

දෙවියන්ගේ යුක්තිය මොකක්ද කියා පැහැදිලි කරයි

යෙසායා 42:1, 4

මතෙව් 12:17-20

උතුම් උපදේශකයෙක්

යෙසායා 9:6, 7

යොහන් 6:68

යෙහෝවා දෙවිගේ නාමය ප්‍රකාශ කරයි

ගීතාවලිය 22:22

යොහන් 17:6

උපමා යොදාගෙන කතා කරයි

ගීතාවලිය 78:2

මතෙව් 13:34, 35

නායකයෙක්

දානියෙල් 9:25

මතෙව් 23:10

බොහෝදෙනෙක් ඔහුව විශ්වාස නොකරයි

යෙසායා 53:1

යොහන් 12:37, 38

පය පැටලී වැටීමට හේතු වන පර්වතයක් වෙයි

යෙසායා 8:14, 15

මතෙව් 21:42-44

මිනිසුන් ඔහුව ප්‍රතික්ෂේප කරයි

ගීතාවලිය 118:22, 23

ක්‍රියා 4:10, 11

කිසිම හේතුවක් නැතුව ඔහුට වෛර කරයි

ගීතාවලිය 69:4

යොහන් 15:24, 25

බූරුවෙකුගේ පිට නැගී රජෙකු ලෙස යෙරුසලමට පැමිණෙයි

සෙකරියා 9:9

මතෙව් 21:4-9

දරුවන් ඔහුට ප්‍රශංසා කරයි

ගීතාවලිය 8:2

මතෙව් 21:15, 16

යෙහෝවා දෙවිගේ නාමයෙන් පැමිණෙයි

ගීතාවලිය 118:26

යොහන් 12:12, 13

විශ්වාස කළ මිත්‍රයෙකු විසින් පාවා දෙනු ලබයි

ගීතාවලිය 41:9

යොහන් 13:18

රිදී කාසි තිහකට පාවා දෙයි e

සෙකරියා 11:12, 13

මතෙව් 26:14-16; 27:3-10

මිතුරන් ඔහුව අත්හැර යයි

සෙකරියා 13:7

මතෙව් 26:31, 56

බොරු සාක්ෂිකරුවන් ඔහුට විරුද්ධව කතා කරයි

ගීතාවලිය 35:11

මතෙව් 26:59-61

චෝදනා කරන අය ඉදිරියේ නිහඬව සිටියි

යෙසායා 53:7

මතෙව් 27:12-14

ඔහුට කෙළ ගසයි

යෙසායා 50:6

මතෙව් 26:67; 27:27, 30

ඔහුගේ හිසට පහර දෙයි

මීකා 5:1

මාක් 15:19

ඔහුට පහර දෙයි

යෙසායා 50:6

යොහන් 19:1

තමන්ට පහර දෙන්න ඉඩ හරියි

යෙසායා 50:6

යොහන් 18:22, 23

පාලකයන් ඔහුට විරුද්ධව නැඟී සිටියි

ගීතාවලිය 2:2

ලූක් 23:10-12

කණුවක තියලා අත් පාවලට ඇණ ගසයි

ගීතාවලිය 22:16

මතෙව් 27:35; යොහන් 20:25

ඔහුගේ වස්ත්‍රය බෙදාගැනීමට දාදු දමයි

ගීතාවලිය 22:18

යොහන් 19:23, 24

පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලබයි

යෙසායා 53:12

මතෙව් 27:38

අපහාසයට ලක් වෙයි

ගීතාවලිය 22:7, 8

මතෙව් 27:39-43

පව්කාරයන් වෙනුවෙන් දුක් පීඩා විඳියි

යෙසායා 53:5, 6

1 පේතෘස් 2:23-25

දෙවියන් ඔහුව අත්හැරියා මෙන් පෙනෙන්න තිබෙයි

ගීතාවලිය 22:1

මාක් 15:34

ඇඹුල් වයින් සහ තිත්ත යමක් ඔහුට බොන්න දෙයි

ගීතාවලිය 69:21

මතෙව් 27:34

මිය යෑමට පෙර තිබහක් ඇති වෙයි

ගීතාවලිය 22:15

යොහන් 19:28, 29

තම ජීවිතය දෙවියන්ට භාර දෙයි

ගීතාවලිය 31:5

ලූක් 23:46

අවසන් හුස්ම හෙළයි

යෙසායා 53:12

මාක් 15:37

පාපය ඉවත් කිරීමට ජීවිතය පූජා කරයි

යෙසායා 53:12

මතෙව් 20:28

කිසිම අස්ථියක් බිඳිනු නොලබයි

ගීතාවලිය 34:20

යොහන් 19:31-33, 36

ඔහුට හෙල්ලයකින් අනියි

සෙකරියා 12:10

යොහන් 19:33-35, 37

ධනවතුන් සමඟ තැන්පත් කරයි

යෙසායා 53:9

මතෙව් 27:57-60

මරණයෙන් නැවත නැඟිටුවයි

ගීතාවලිය 16:10

ක්‍රියා 2:29-31

ඔහුව පාවා දුන් ගෝලයා වෙනුවට තවත් කෙනෙක් තෝරාගනු ලබයි

ගීතාවලිය 109:8

ක්‍රියා 1:15-20

දෙවියන්ගේ දකුණු පැත්තේ හිඳගනියි

ගීතාවලිය 110:1

ක්‍රියා 2:34-36

a “යුදෙව්වන්ගේ ගෝත්‍රවල සහ පවුල්වල නාම ලේඛන විනාශ වුණේ යෙරුසලමේ විනාශය අතරතුරේදී මිසක් ඊට කලින් නෙමෙයි කියලා ස්ථිරයි.”—McClintock and Strong’s Cyclopedia.

b එම්මානුවෙල් කියන්නේ හෙබ්‍රෙව් නමක්. ඒකේ තේරුම “දෙවි අප සමඟය” කියන එකයි. ඒ නමේ තේරුම ගැලවුම්කරු හැටියට යේසුස්ට පැවරිලා තියෙන වැඩ කොටසට හොඳට ගැළපෙනවා. යේසුස් මේ පොළොවට පැමිණීම සහ පොළොවට ඇවිත් ඔහු කරපු දේවල් දෙවි තමන්ගේ සෙනඟ එක්ක ඉන්නවා කියන්න සහතිකයක්.—ලූක් 2:27-32; 7:12-16.

c පෙනෙන විදිහට “නාසරෙත්හි වැසියෙක්” කියන යෙදුම “නේට්සර්” කියන හෙබ්‍රෙව් වචනයෙන් ආපු එකක්. ඒ හෙබ්‍රෙව් වචනයේ තේරුම,“පැළෑටියක්” කියන එකයි.

d මෙසියස්, ඒ කියන්නේ ගැලවුම්කරුගේ පැමිණීම සිද්ධ වෙන්න නියමිතව තිබුණේ ක්‍රි.ව. 29දී කියලා බයිබලයේ සඳහන් කාල වකවානු ගැන අධ්‍යයනය කළාම පැහැදිලි වෙනවා. “ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේ” කියන ලිපිය බලන්න.

e මේ අනාවැකිය සඳහන් වෙන්නේ සෙකරියා පොතේ. ඒත් බයිබල් ලේඛක මතෙව් ඒ අනාවැකිය ගෙන හැර දක්වන්නේ, “අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් කියන ලද මේ දේ” කියලයි (මතෙව් 27:9) “අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි” කියලා හැඳින්වූ බයිබල් පොත් එකතුවේ සමහරවිට මුලින්ම තිබුණේ යෙරෙමියා පොත වෙන්න පුළුවන්. (ලූක් 24:44) ඒ මුළු පොත් එකතුවට සෙකරියා පොතත් ඇතුළත් වුණා. ඒ පොත් එකතුව ගැන කතා කරද්දී “යෙරෙමියා” කියන නම මතෙව් පාවිච්චි කරන්න ඇති.