යොහන් 17:1-26

17  යේසුස් ඒ දේවල් පැවසූ පසු ඔහු ස්වර්ගය දෙස බලා+ දෙවිට මෙසේ යාච්ඤා කළේය. “පියාණෙනි, සියල්ල සිදු වීමට වේලාව ඇවිත් තිබෙනවා. මම ඔබෙන් ඉල්ලන්නේ ඔබේ පුත්‍රයාව තේජසට පත් කරන්න කියායි. එවිට ඔබට ගෞරවය ගෙන දෙන්න ඔබේ පුත්‍රයාට හැකි වෙයි.+  මන්ද ඔබ මුළු මිනිස් වර්ගයාවම ඔහු යටතට පත් කර තිබෙනවා.+ එමනිසා ඔබේ පුත්‍රයාට ඔබ භාර දුන් සියලුදෙනාටම+ ඔහු මාර්ගයෙන් සදාකාල ජීවනය ලැබෙයි.+  සදාකාල ජීවනය ලබාගැනීමට+ ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි+ වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත්+ දැන හඳුනා ගැනීමයි.*+  ඔබ මට කරන්න දුන් වැඩ කොටස සම්පූර්ණ කිරීමෙන්+ පොළොවෙහිදී මම ඔබට මහත් ගෞරවයක් ගෙන දුන්නා.+  දැන් පියාණෙනි, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මාව තේජසට පත් කරන්න කියායි. ඔබ සමඟ සිටීමටත් ලෝකය පවතින්න කලින් මම ඔබ සමඟ සිටියදී ඔබ මට ලබා දී තිබුණු තේජස නැවත ලබන්නත් මම කැමතියි.+  “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා.+ ඇත්තෙන්ම ඔවුන් අයිති ඔබටයි. නමුත් ඔබ ඔවුන්ව මට භාර දුන්නා. ඔවුන් ඔබ පැවසූ දේවල් පිළිපැද්දා.  ඔබ මට භාර දුන් සියල්ල මට ලැබුණේ ඔබගෙන් බව ඔවුන් දැන් දන්නවා.  ඔවුන් ඒ බව දන්නේ ඔබ මට කියා දුන් දේවල් මම එලෙසින්ම ඔවුන්ට කියා දුන් නිසයි.+ ඔවුන් ඒ දේවල් පිළිගෙන මා ඔබේ නියෝජිතයා ලෙස පැමිණි බව+ ඇත්තටම තේරුම්ගෙන සිටිනවා. ඔබ මාව එවූ බව ඔවුන්ට විශ්වාසයි.+  මම ඔබට ඔවුන් ගැන කන්නලව් කරනවා. මම කන්නලව් කරන්නේ මේ ලෝකයේ සිටින අය ගැන නොවෙයි.+ ඔබ මට භාර දුන් ඒ අය ගැනයි. මන්ද ඔවුන් අයිති වන්නේ ඔබටයි. 10  ඔබට අයිති සෑම දෙයක්ම ඔබ මට භාර දී තිබෙනවා. මට තිබෙන සෑම දෙයක්ම ඔබට අයිතියි.+ මම ඔවුන් ගැන මෙසේ කන්නලව් කරන්නේ ඔවුන් මට ගෞරව කර ඇති නිසයි. 11  “මම ලෝකයෙන් සමුගෙන ඔබ ළඟට එනවා. නමුත් ඔවුන් සිටින්නේ ලෝකයේ.+ ඒ නිසා ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න.+ ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න. මමත් සියල්ල කළේ ඔබේ නාමය වෙනුවෙනුයි. එවිට අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි.+ 12  ඔබේ නාමය වෙනුවෙන් ක්‍රියා කරන මම ඔවුන් සමඟ සිටියදී ඔවුන්ව ආරක්ෂා කළා.+ ඒ ඔබේ නාමය නිසයි. මම ඔවුන්ව රැකබලා ගත්තා. විනාශ වන තැනැත්තා හැර+ ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් හානියක් වුණේ නැහැ.+ ඒ දේ සිදු වුණේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ ඉටු වීමටයි.+ 13  නමුත් මට දැන් ඔබ ළඟට පැමිණීමට කාලය ඇවිත් තිබෙනවා. මම මෙහි සිටියදී මේ දේවල් ගැන කතා කරන්නේ මා අද්දකින ප්‍රීතිය ඔවුන්ටත් සම්පූර්ණයෙන්ම ලැබෙනවා දකින්න මම කැමති නිසයි.+ 14  ඔබ පැවසූ දේවල් මම ඔවුන්ට කියා දී තිබෙනවා. නමුත් ලෝකය ඔවුන්ට වෛර කරනවා.+ එයට හේතුව මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටින නිසයි.+ 15  “මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි. නමුත් දුෂ්ටයාගේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න කියායි.+ 16  මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම+ ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.+ 17  ඔබ පවසන දේ+ සත්‍යයයි.+ ඒ සත්‍යය මගින් ඔවුන්ව ශුද්ධව තබාගන්න.*+ 18  ඔබ මාව ලෝකයට එවූ ලෙසම මමත් ඔවුන්ව ලෝකයට යවනවා.+ 19  මම ඔවුන් වෙනුවෙන් මගේ ශුද්ධකම රැකගත්තා. ඔවුන්ටත් තම ශුද්ධකම රැකගත හැකි වෙයි.+ එසේ කළ හැක්කේ සත්‍යයට ඇලී සිටීමෙනුයි. 20  “මම ඔබට කන්නලව් කරන්නේ ඔවුන් ගැන පමණක් නොවෙයි. නමුත් ඔවුන් පවසන දේවල් නිසා මා කෙරෙහි විශ්වාසය තබන අය+ ගැනත් ඔබට කන්නලව් කරනවා. 21  පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ+ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි.+ ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.+ 22  ඔබ මට ගෞරවය ගෙන දුන් ආකාරයටම මම ඔවුන්ටත් ගෞරවය දී තිබෙනවා. එවිට අප අතර බැඳීමක් තිබෙනවා වගේම ඔවුන් අතරත් බැඳීමක් ඇති වෙයි.+ 23  මම ඔවුන් සමඟත් ඔබ මා සමඟත් එකට බැඳී සිටිනවා. එමගින් ඔවුන් අතර සැබෑ සමඟියක් හා එකමුතුකමක් දක්නට ලැබෙයි.+ එයින් ඔබ මාව එවූ බවත් ඔබ මට ප්‍රේම කළ ආකාරයටම ඔවුන්ටත් ඔබ ප්‍රේම කරන බවත් ලෝකයට දැනගත හැකි වෙයි. 24  පියාණෙනි, ඔබ මට දී තිබෙන අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඔවුනුත් මා සමඟ සිටිනවා දකින්න මම කැමතියි.+ පොළොවේ+ දරුවන් බිහි වීමට කලින්*+ ඔබ මට ප්‍රේම කළ නිසා මට දී ඇති තේජස ඔවුන්ට එවිට දැකගත හැකි වෙයි. 25  ධර්මිෂ්ඨ+ පියාණෙනි, ලෝකය නම් ඔබව හඳුනාගෙන නැහැ.+ නමුත් මම ඔබව හොඳින් හඳුනාගෙන සිටිනවා. ඒ වගේම ඔබ මාව එවූ බව ඔවුනුත් හොඳින් දන්නවා.+ 26  ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත්+ මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා.+ ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”

පාදසටහන්

මෙය නිරතුරුවම කළ යුතු දෙයකි.
එනම්, ඔවුන්ව දෙවි වෙනුවෙන්ම තබාගන්න.
මතෙ 25:34හි පාදසටහන බලන්න.