Skip to content

දෙවියන් සමහර යාච්ඤාවලට සවන් දෙන්නැත්තේ ඇයි?

දෙවියන් සමහර යාච්ඤාවලට සවන් දෙන්නැත්තේ ඇයි?

බයිබලයේ ඒ ගැන කියන දේ

 සමහර යාච්ඤාවලට සවන් නොදෙන්න බලපාන හේතු දෙකක් ගැන බලමු.

1. යාච්ඤාව දෙවියන්ගේ කැමැත්තට එකඟ නැත්නම්

 දෙවියන් අකමැති දේවල් හරි බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට විරුද්ධ දේවල් හරි ඉල්ලලා අපි යාච්ඤා කළොත් දෙවි ඒ වගේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැහැ. (1 යොහන් 5:14) උදාහරණෙකට කෑදරකමින් ක්‍රියා කරන එක වැරදියි කියලා බයිබලයේ පැහැදිලිවම කියලා තියෙනවා. (1 කොරින්ති 6:9, 10) කෙනෙක් සූදුවේ නියැලෙනවා නම්, ලොතරැයි ගන්නවා නම් ඒකෙන් තේරෙන්නේ එයාට සල්ලිවලට ලොකු කෑදරකමක් තියෙනවා කියලයි. ඒ නිසා කෙනෙක් එයා ගත්ත ලොතරැයිය ඇදෙන්න කියලා යාච්ඤා කළාට දෙවියන් ඒ යාච්ඤාවට සවන් දෙන්නේ නැහැ. අපි ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම දෙන්න දෙවියන් බැඳිලා නැහැ කියලා අපි මතක තියාගන්න ඕන. ඇත්තටම අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද මිනිසුන් ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම දෙවියන් ඉටු කළොත් අපිට කොච්චර භයෙන් ඉන්න වෙයිද කියලා ටිකක් හිතන්න.—යාකොබ් 4:3.

2. දෙවියන්ගේ නීති කඩ කරකර යාච්ඤා කරනවා නම්

 දෙවියන්ගේ නීති හිතාමතාම කඩ කරන අයගේ යාච්ඤාවලට දෙවියන් සවන් දෙන්නේ නැහැ. අතීතයේ සිටි සමහර අය දෙවියන් අකමැති දේවල් කරකර දෙවියන්ට යාච්ඤා කළාම දෙවියන් ඒගොල්ලන්ට මෙහෙම කිව්වා. “ඔබ මොන තරම් යාච්ඤා කළත් මම සවන් නොදෙන්නෙමි. මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.” (යෙසායා 1:15) හැබැයි දෙවියන්ගේ නීති කඩ කරපු කෙනෙක් වුණත් එයා කරපු වැරදි අතහැරලා දෙවියන්ට ළං වෙන්න පියවර ගන්නවා නම් දෙවියන් එයාගේ යාච්ඤාවලට සවන් දෙනවා.—යෙසායා 1:18.