Skip to content

යක්ෂයාව මැව්වේ දෙවියන්ද?

යක්ෂයාව මැව්වේ දෙවියන්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දෙවියන් යක්ෂයා කියලා කෙනෙකුව නිර්මාණය කළේ නෑ. ඒත් දේවදූතයෙක් පස්සෙ කාලෙක තමන් විහින්ම යක්ෂයා බවට පත් වුණා. දෙවියන් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.” (ද්විතීය කතාව 32:3-5) ඒ වගේ දෙවි කෙනෙක් කවදාවත් දුෂ්ටයෙක් නිර්මාණය කරයිද? දෙවි නිර්මාණය කළ පරිපූර්ණ, ධර්මිෂ්ඨ දේවදූතයෙක් පස්සේ කාලෙක යක්ෂයෙක් බවට පත් වුණා කියන එක පැහැදිලියි.

 යොහන් 8:44වෙනි පදයේ යක්ෂයා ගැන යේසුස් කිව්වේ “ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ” කියලයි. යක්ෂයා බවට පත් වුණ දේවදූතයා කලින් සත්‍යවාදී, නිර්දෝෂ කෙනෙක් විදිහට හිටියා කියලා ඒකෙන් පැහැදිලියි.

 තමාට කීකරු වෙනවද නැද්ද කියලා තීරණය කරන්න දෙවියන් හැම දේවදූතයෙක්ටම අයිතිය දුන්නා. යක්ෂයා බවට පත් වුණ දේවදූතයා දෙවියන්ට විරුද්ධ වෙන්න තීරණය කළා විතරක් නෙවෙයි පළවෙනි මිනිස් යුවළවත් දෙවියන්ට අකීකරු වෙන්න පෙලඹෙව්වා. ඒකෙන් වුණේ ඔහු යක්ෂයා බවට පත් වුණ එකයි. යක්ෂයාට සාතන් කියලත් කියනවා. ඒ නමේ තේරුම “විරුද්ධකාරයා” යන්නයි.—උත්පත්ති 3:1-5; එළිදරව් 12:9.