Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන්නේ ඇයි?

 “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. (මතෙව් 28:19, 20) ශුභාරංචිය ප්‍රකාශ කරන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව යැව්වේ ගෙවල්වලටයි. (මතෙව් 10:7, 11-13) යේසුස්ගේ මරණයෙන් පස්සේ ඔහුගේ මුල් අනුගාමිකයන් දිගටම “ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස්” ශුභාරංචිය ප්‍රකාශ කළා. (ක්‍රියා 5:42; 20:20) අපිත් යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් ගෙයින් ගෙට ගිහිල්ලා ශුභාරංචිය කියනවා. මිනිසුන්ව මුණගැහෙන්න ඒක හොඳ විදිහක් කියලා අපි දන්නවා.