Skip to content

සාක්ෂිකරුවන් ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය ගැන කියන්නේ ගැලවීම ලබාගන්නද?

සාක්ෂිකරුවන් ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය ගැන කියන්නේ ගැලවීම ලබාගන්නද?

 නැහැ. අපි නිතිපතා ගෙයින් ගෙට සේවයේ හවුල් වුණත් ඒකෙන් අපිට ගැලවීම ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.—එෆීස 2:8.

 ඒක තේරුම්ගන්න මේ උදාහරණය ගැන ටිකක් හිතන්න. යහපත් කෙනෙක් ඔයාට හුඟක් වටින තෑග්ගක් දෙන්න පොරොන්දු වෙනවා. එයා කියන තැනට කියන වෙලාවෙ එන හැමෝටම ඒ තෑග්ග දෙනවා කියලත් එයා කියනවා. එයාව ඔයාට විශ්වාස නම් එයා කිව්ව විදිහටම ඔයා කරන්නේ නැද්ද? ඔයා ඒ ගැන ඔයාගේ පවුලේ අයට, යාළුවන්ට කියන්නේ නැද්ද? ඒ කෙනා කිව්ව දවසේ කිව්ව තැනට ගියාම පොරොන්දු වුණු තෑග්ග එයා ඔයාට දුන්නා කියලා හිතන්න. ඒ තෑග්ග ඔයාගේ මහන්සියෙන්, ඔයාගේ උත්සාහයෙන් ලබාගත්තා කියලා කියන්න පුළුවන්ද? බැහැ නේද! ඒක ඔයාට ලැබුණේ එයා ඔයාට තෑග්ගක් හැටියට ඒක දුන්න නිසයි.

 යෙහෝවා දෙවියන්ට කීකරු වෙන අයට සදාකාල ජීවනය කියන තෑග්ග දෙවියන් ලබා දෙනවා කියලා අපි විශ්වාස කරනවා. (රෝම 6:23) ඒ නිසා අපි ඒ ගැන අනිත් අයටත් කියනවා. හැබැයි ඒක අනිත් අයට ගිහින් කියන එකෙන් අපිට ගැලවීම ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. (රෝම 1:17; 3:28) කිසිම මනුෂ්‍යයෙක්ට මොනම දෙයක්වත් කරලා සදාකාල ජීවනය කියන වටිනා තෑග්ග උපයාගන්න බැහැ. ඒ තෑග්ග අපිට ලැබෙන්නේ ‘දෙවියන් අපිට පෙන්වන දයාව නිසයි.’—තීතස් 3:5.