බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්

හැම දෙයක්ම නිර්මාණය කරපු විදිහ, යේසුස්ගේ උපත, දේවසේවය සහ දේවරාජ්‍යය පැමිණීම දක්වා කාලය අතරතුර සිදු වුණු සිද්ධීන් මේ පොතේ විස්තර කරනවා.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

මේ පොත පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

1වෙනි පාඩම

දෙවි අහසත් පොළොවත් හැදුවා

බයිබලයේ කියනවා දෙවි අහසත් පොළොවත් හැදුවා කියලා. ඔයා දන්නවද අනිත් හැම දේම හදන්න කලින් දෙවි එක දේවදූතයෙක්ව හැදුවේ ඇයි කියලා?

2වෙනි පාඩම

දෙවි පළවෙනි මිනිසාවයි ගැහැනියවයි හැදුවා

දෙවි පළවෙනි මිනිසාවයි ගැහැනියවයි හදලා ඒදන් උයනේ පදිංචි කළා. දරුවන්ව හදලා මුළු පොළොවම පාරාදීසයක් කරන්න කියලා දෙවි එයාලට කිව්වා.

3වෙනි පාඩම

ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණා

ඒදන් උයනේ තිබුණු එක ගහක් විශේෂ වුණේ ඇයි? ඒව ඒකෙන් කෑවේ ඇයි?

4වෙනි පාඩම

කේන්තිය හරිම භයානකයි

දෙවි ආබෙල්ගේ පූජාව පිළිගත්තත් කායින්ගේ පූජාව පිළිගත්තේ නැහැ. කායින්ට හුඟක් කේන්ති ගිය නිසා හුඟක් නරක දෙයක් කළා.

5වෙනි පාඩම

නෝවාගේ නැව

නරක දේවදූතයන් ගැහැනු අයව විවාහ කරගත්තාම ලැබුණු දරුවන් ලොකු වෙලා යෝධයන් වුණා. නරක දේවල් හැම තැනම පැතිරුණා. හැබැයි දෙවිට ආදරෙන් හිටිය නෝවා දිගටම දෙවිට කීකරු වුණා.

6වෙනි පාඩම

අලුත්ම පොළොවකට ආපු අටදෙනා

දවස් 40ක් දවල් රෑ එක දිගට වැස්ස නිසා ජලගැල්මක් ඇති වුණා. නෝවායි පවුලේ අයයි අවුරුද්දකට වැඩි කාලයක් නැවේ හිටියා. අන්තිමේදී එයාලට නැවෙන් එළියට එන්න පුළුවන් වුණා.

7වෙනි පාඩම

බාබෙල් කොත

ලොකු නගරයකුයි අහස උසට කොතකුයි හදන්න මිනිසුන්ට ඕන වුණා. ඒත් මිනිසුන් කතා කරපු භාෂාව දෙවි වෙනස් කළේ ඇයි?

8වෙනි පාඩම

ආබ්‍රහම් සහ සාරා දෙවිට කීකරු වුණා

ආබ්‍රහම්, සාරා එයාලා ජීවත් වුණු දේශය දාලා කානාන් දේශයේ තාවකාලික පදිංචිකරුවන් විදිහට ආවේ ඇයි?

9වෙනි පාඩම

පුතෙක් ලැබිලා!

ආබ්‍රහම්ට දීපු පොරොන්දුව දෙවි කොහොම ඉටු කරයිද? ඒක ඉටු වෙන්නේ ඊසාක්ගෙන්ද? ඉෂ්මායෙල්ගෙන්ද?

10වෙනි පාඩම

ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්

දෙවි සොදොම්, ගොමෝරා නගරවලට ගිනි සහ ගෙන්දගම් වහින්න සැලැස්සුවා. ඒ නගර විනාශ වුණේ ඇයි? අපි ලොත්ගේ බිරිඳට වුණු දේ මතක තියාගන්න ඕන ඇයි?

11වෙනි පාඩම

විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි

‘ඔයාගේ එකම පුතාව මොරියා කන්දට එක්කන් ගිහින් මට පූජා කරන්න’ කියලා දෙවි ආබ්‍රහම්ට කිව්වා. ආබ්‍රහම් එයාගේ විශ්වාසය ඔප්පු කරලා පෙන්වයිද?

12වෙනි පාඩම

උරුමය ලැබුණේ යාකොබ්ට

ඊසාක්ටයි රෙබෙකාටයි නිවුන් පිරිමි ළමයි දෙන්නෙක් හිටියා. ඒසව් මුලින්ම ඉපදුණු නිසා උරුමය ලැබෙන්න තිබුණේ එයාට. එයා ඒක රතු ව්‍යංජනයකට වික්කේ ඇයි?

13වෙනි පාඩම

යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා

යාකොබ් දේවදූතයාගෙන් ආශීර්වාද ලබාගත්තේ කොහොමද? එයා ඒසව් එක්ක සමාදාන වුණේ කොහොමද?

14වෙනි පාඩම

දෙවිට කීකරු වුණු දාසයෙක්

යෝසෙප් හරි දේ කළත් දුක් විඳින්න වුණා. ඒ ඇයි?

15වෙනි පාඩම

යෙහෝවා දෙවි යෝසෙප්ව අමතක කළේ නැහැ

යෝසෙප් පවුලේ අයගෙන් හුඟක් ඈතක හිටියත් යෙහෝවා දෙවි එයා ළඟින්ම ඉන්නවා කියලා ඔප්පු කළා.

16වෙනි පාඩම

යෝබ් කියන්නේ කාටද?

අමාරු තත්වයන් යටතේදී වුණත් යෝබ් යෙහෝවා දෙවිට කීකරු වුණා.

17වෙනි පාඩම

මෝසෙස් යෙහෝවා දෙවිට සේවය කරන්න තෝරගත්තා

මෝසෙස්ගේ අම්මා නුවණැතිව වැඩ කරපු නිසා පුංචි මෝසෙස් බේරුණා.

18වෙනි පාඩම

ගිනි ගනිමින් තිබුණු පඳුරක්

පඳුර ගිනිගත්තත් පිච්චුණේ නැත්තේ ඇයි?

19වෙනි පාඩම

පළවෙනි පීඩා තුන

පාරාවෝ, දෙවිට කීකරු වෙන්නේ නැතුව උඩඟු වුණු නිසා එයාගේ සෙනඟට ගොඩක් කරදර විඳින්න වුණා.

20වෙනි පාඩම

ඊළඟ පීඩා හය

මේ පීඩාවන් පළවෙනි පීඩා තුනට වඩා වෙනස් වුණේ කොහොමද?

21වෙනි පාඩම

දහවෙනි පීඩාව

මේ පීඩාව කොච්චර දරුණු වුණාද කියනවා නම් උඩඟු පාරාවෝ එයාගේ තීරණේ වෙනස් කළා.

22වෙනි පාඩම

රතු මුහුද දෙකට බෙදිලා!

පීඩා දහයෙන් පාරාවෝ බේරුණත් රතු මුහුද මැදදී එයා බේරුණාද?

23වෙනි පාඩම

යෙහෝවා දෙවිට වුණු පොරොන්දුව

ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟ රැස් වුණු වෙලේ දෙවිට පොරොන්දුවක් දුන්නා.

24වෙනි පාඩම

පොරොන්දුව කඩ කළා

මෝසෙස්ට දසපනත ලැබෙද්දී ඊශ්‍රායෙල්වරු බරපතළ පාපයක් කරලා

25වෙනි පාඩම

නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමක්

ශුද්ධ කූඩාරමේ තමයි ගිවිසුම් පෙට්ටිය තිබුණේ

26වෙනි පාඩම

තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා

කානාන් දේශයේ තොරතුරු හොයන්න ගිය යොෂුවා, කාලෙබ් කියපු තොරතුරු අනිත් දහදෙනා කියපු තොරතුරුවලට වඩා වෙනස්.

27වෙනි පාඩම

යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැහුවා

කෝරා, දාතාන්, අබිරාම් ඇතුළු 250දෙනෙක් යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගත්තේ නැහැ

28වෙනි පාඩම

බූරුවෙක් කතා කරයි

බාලාම් දැකපු නැති කෙනෙක්ව බූරුවා දැක්කා.

29වෙනි පාඩම

යෙහෝවා දෙවි යොෂුවාව තෝරගත්තා

දෙවි යොෂුවාට දීපු මඟ පෙන්වීම් අපිටත් ප්‍රයෝජනවත් වෙනවා.

30වෙනි පාඩම

රාහබ් යෙහෝවා දෙවිව විශ්වාස කළා

යෙරිකෝවේ තාප්ප කඩන් වැටුණා. ඒත් ඒ තාප්පෙටම අල්ලලා හදලා තිබුණ රාහබ්ගේ ගෙදර කඩන් වැටුණේ නැහැ.

31වෙනි පාඩම

යොෂුවා සහ ගිබියොන්වරු

ඉර පායලා තියන්න කියලා යොෂුවා යාච්ඤා කළා. දෙවි ඒකට උත්තරයක් දුන්නද?

32වෙනි පාඩම

නිර්භීත කාන්තාවන් දෙන්නෙක්

යොෂුවා මැරුණාට පස්සේ ඊශ්‍රායෙල්වරු රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තා. ඊශ්‍රායෙල්වරු අමාරු තත්වයකට මුහුණ දුන්නත් බාරාක්ගෙන්, දෙබොරාගෙන් සහ යායෙල්ගෙන් උදව් ලැබුණා.

33වෙනි පාඩම

රූත් සහ නායොමි

ස්වාමිපුරුෂයන් මිය ගිහින් තිබුණු කාන්තාවන් දෙන්නෙක් ආයෙත් ඊශ්‍රායෙල් දේශයට ගියා. එක්කෙනෙක් වුණු රූත් කෙතක කරල් ඇහිඳින්න ගියාම එතනදී බෝවස් එයාව දැක්කා.

34වෙනි පාඩම

ගිඩියොන් මිදියන්වරුන්ව පරාජය කරයි

මිදියන්වරු ඊශ්‍රායෙල්වරුන්ට කරදර කරද්දී සෙනඟ යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවා. ගිඩියොන්ගේ පොඩි හමුදාවට මිදියන්වරු 1,35,000දෙනෙක්ව පරද්දන්න පුළුවන් වුණේ කොහොමද?

35වෙනි පාඩම

හන්නා දෙවිගෙන් පුතෙක්ව ඉල්ලයි

එල්කානා, හන්නායි පෙනින්නායි දරුවනුයි එක්ක දෙවිට නමස්කාර කරන්න ෂීලෝවල තිබුණු ශුද්ධ කූඩාරමට ගියා. හන්නා, දෙවිගෙන් පුතෙක්ව ඉල්ලලා අවුරුද්දකට පස්සේ සාමුවෙල් ඉපදුණා.

36වෙනි පාඩම

යෙප්තා දීපු පොරොන්දුව

යෙප්තා වුණු පොරොන්දුව මොකක්ද? ඒ ඇයි? ඒ පොරොන්දුව ගැන දැනගත්තම යෙප්තාගේ දුව කිව්වේ මොනවද?

37වෙනි පාඩම

යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කරයි

උත්තම පූජක ඒලීගේ පුත්තු දෙන්නා ශුද්ධ කූඩාරමේ පූජකයන් හැටියට සේවය කළත් දෙවිට කීකරු වුණේ නැහැ. සාමුවෙල් එයාලට වඩා වෙනස්. දවසක් යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කළා.

38වෙනි පාඩම

යෙහෝවා දෙවි සැම්සන්ට ශක්තිය දුන්නා

පිලිස්තිවරු එක්ක සටන් කරන්න දෙවි, සැම්සන්ට ශක්තිය දුන්නා. ඒත් සැම්සන්ගේ වැරදි තීරණයක් නිසා පිලිස්තිවරු එයාව අල්ලගත්තා.

39වෙනි පාඩම

ඊශ්‍රායෙලයේ පළවෙනි රජ

දෙවි ඊශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකරුවන්ව දුන්නත් සෙනඟ රජෙක්ව ඉල්ලුවා. සාමුවෙල්, සාවුල්ව රජ විදිහට අභිෂේක කළත් පස්සේ යෙහෝවා දෙවි සාවුල්ව රජකමින් අයින් කළා. ඒ ඇයි?

40වෙනි පාඩම

දාවිත් සහ ගොලියත්

ඊශ්‍රායෙලයේ ඊළඟ රජු විදිහට යෙහෝවා දෙවි තෝරගත්තේ දාවිත්ව. ඒ තෝරගැනීම හරි කියලා දාවිත් ඔප්පු කළා.

41වෙනි පාඩම

දාවිත් සහ සාවුල්

කෙනෙක් තමන්ට වෛර කරපු කෙනෙක්ට සැලකුවේ කොහොමද?

42වෙනි පාඩම

බය නැතුව වැඩ කරපු හොඳ යාළුවෙක්

රජුගේ පුතා දාවිත්ගේ හොඳ යාළුවෙක් වුණා.

43වෙනි පාඩම

දාවිත් රජ කරපු වරද

වැරදි තීරණයක් නිසා හුඟක් ප්‍රශ්න ඇති වුණා.

44වෙනි පාඩම

යෙහෝවා දෙවිට දේවමාලිගාවක්

දෙවි සලමොන්ගේ යාච්ඤාව පිළි අරන් එයාට ගොඩක් ආශීර්වාද කළා.

45වෙනි පාඩම

රාජ්‍යය දෙකට බෙදෙයි

හුඟක් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කළා.

46වෙනි පාඩම

කර්මෙල් කන්දේදී කරපු පූජාව

සැබෑ දෙවි කවුද? යෙහෝවා දෙවිද නැත්නම් බාල්ද?

47වෙනි පාඩම

යෙහෝවා දෙවි එලියාව ශක්තිමත් කළා

ඔයාව ශක්තිමත් කරන්නත් දෙවිට පුළුවන්ද?

48වෙනි පාඩම

වැන්දඹුවකගේ පුතාට ආයෙත් ජීවිතය ලැබෙයි

එකම ගෙදරකදී ආශ්චර්යයන් දෙකක්

49වෙනි පාඩම

නපුරු රැජිනකට ලැබුණු දඬුවම

නාබොත්ගේ මිදිවත්ත අයිති කරගන්න ඕනෙ නිසා යෙසබෙල් එයාව මැරුවා. එයාගේ දුෂ්ටකම යෙහෝවා දෙවි දැක්කා.

50වෙනි පාඩම

යෙහෝවා දෙවි යෙහෝෂපාට් රජුට උදව් කළා

සතුරන් යුද්ධ කරන්න එද්දී යෙහෝෂපාට් රජ යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවා.

51වෙනි පාඩම

හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්

යෙහෝවා දෙවිට තියෙන බලය ගැන ඊශ්‍රායෙල් දැරිය එයාගේ ස්වාමිදුවට කියපු නිසා පුදුම දෙයක් සිද්ධ වුණා.

52වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ හමුදාව

සතුරු හමුදාවට වඩා ‘වැඩිදෙනෙක් අපිත් එක්ක ඉන්නවා’ කියලා එලිෂා තේරුම්ගත්තේ කොහොමද?

53වෙනි පාඩම

යෙහෝයාදාගේ නිර්භීතකම

විශ්වාසවන්ත පූජකයෙක් නපුරු රැජිනකට විරුද්ධ වෙයි.

54වෙනි පාඩම

යෙහෝවා දෙවි යෝනා ගැන ඉවසුවා

දෙවිගේ අනාගතවක්තෘවරයාව මාළුවෙක් ගිලින්න හේතු වුණේ මොකක්ද? එයා බේරුණේ කොහොමද? යෙහෝවා දෙවි එයාට උගන්වපු පාඩම මොකක්ද?

55වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ දූතයා හෙසකියාව ආරක්ෂා කළා

යුදෙව්වන්ගේ සතුරන් කිව්වේ යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන්නේ නෑ කියලයි. ඒත් එයාලා කිව්වේ ඇත්තක් නෙවෙයි.

56වෙනි පාඩම

යොෂියා යෙහෝවා දෙවිගේ නීතිය පිළිපැද්දා

යොෂියා අවුරුදු අටේදී රජ වුණා. යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එයා සෙනඟට උදව් කළා.

57වෙනි පාඩම

යෙරෙමියා දිගටම දේශනා කළා

යූදා දේශයේ වැඩිමහල්ලන්ට කේන්ති ගියේ මේ අනාගතවක්තෘවරයා කියපු මොන දේ නිසාද.

58වෙනි පාඩම

යෙරුසලම විනාශ වෙයි

යූදා සෙනඟ දිගටම බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු නිසා දෙවි එයාලව සතුරන්ගේ අතට පත් වෙන්න ඉඩහැරියා.

59වෙනි පාඩම

යෙහෝවා දෙවිට කීකරු වුණු යෞවනයන් හතරදෙනෙක්

යෞවන යුදෙව්වන් හතරදෙනා බැබිලෝනියේ රජමාලිගාවේ හිටියත් යෙහෝවා දෙවිට ළැඳිව ඉන්න අදිටන් කරගෙන හිටියා.

60වෙනි පාඩම

හැමදාටම තියෙන රාජ්‍යයක්

නෙබුකද්නෙෂර් දැක්ක හීනේ තේරුම දානියෙල් විස්තර කළා.

61වෙනි පාඩම

එයාලා රූපයට වැන්දේ නැහැ

ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ බැබිලෝනියේ රජුගේ රූපයට වැන්දේ නැහැ.

62වෙනි පාඩම

හීනෙන් දැකපු ගහේ තේරුම

නෙබුකද්නෙෂර් රජ හීනෙන් දැක්කේ ඔහුගේම අනාගතයයි.

63වෙනි පාඩම

බිත්තියේ ලියැවුණු අකුරු

අතක් මතු වෙලා බිත්තියේ අකුරු ලිව්වේ මොන වෙලාවෙද? ඒ වචනවලින් අදහස් වුණේ මොකක්ද?

64වෙනි පාඩම

දානියෙල් සිංහ ගුහාවේ

දානියෙල් වගේ යෙහෝවාදෙවිට හැමදාම යාච්ඤා කරන්න!

65වෙනි පාඩම

එස්තර් එයාගේ සෙනඟව බේරගත්තා

දෙමාපියන් නැති, වෙන ජාතියකට අයිති එස්තර් රැජිනක් වුණා.

66වෙනි පාඩම

එස්රා දෙවිගේ නීතිය ඉගැන්නුවා

එස්රා කියපු දේ ඇහුවට පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට විශේෂ පොරොන්දුවක් වුණා.

67වෙනි පාඩම

යෙරුසලමේ තාප්ප

සතුරන් පහර දෙන්න සූදානම් වෙනවා කියලා නෙහෙමියා දැනගත්තා. එයා බය වුණේ නැත්තේ ඇයි?

68වෙනි පාඩම

එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි

දරුවා ඉපදෙන කල් සෙකරියාට කතා කරන්න බැරි වෙයි කියලා දේවදූතයා කිව්වේ ඇයි?

69වෙනි පාඩම

ගාබ්‍රියෙල් මරියාව හම්බ වෙන්න එයි

දේවදූතයා මරියාට කිව්වේ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන පණිවිඩයක්.

70වෙනි පාඩම

දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි

පණිවිඩය දැනගත්තම එඬේරුන් ඉක්මනටම යේසුස් හිටිය තැනට ගියා

71වෙනි පාඩම

යෙහෝවා දෙවි යේසුස්ව ආරක්ෂා කරයි

නපුරු රජෙක්ට ඕන වුණා යේසුස්ව මරන්න

72වෙනි පාඩම

යේසුස්ගේ ළමා විය

යේසුස් දේවමාලිගාවේ හිටිය ගුරුවරුන්ව පුදුම කළේ කොහොමද?

73වෙනි පාඩම

යොහන් මාර්ගය සූදානම් කළා

යොහන් අනාගතවක්තෘවරයෙක් වුණා. ගැලවුම්කරුගේ පැමිණීම ගැන එයා මිනිසුන්ට ඉගැන්නුවා. මිනිස්සු මොකද කළේ?

74වෙනි පාඩම

යේසුස් ගැලවුම්කරු වෙයි

යේසුස් දෙවිගේ බැටළු පැටවා කියලා යොහන් කියපු දෙයින් අදහස් කළේ මොකක්ද?

75වෙනි පාඩම

යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා

තුන්පාරක්ම යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා. සාතන් යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කළේ මොන ක්‍රම තුන පාවිච්චි කරලද? යේසුස් කළේ මොනවද?

76වෙනි පාඩම

යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා

යේසුස් සත්තුන්ව දේවමාලිගාවෙන් එළෙව්වෙත් මුදල් මාරු කරන අයගේ මේස පෙරළලා දැම්මෙත් ඇයි?

77වෙනි පාඩම

ළිඳ ළඟට ආපු ස්ත්‍රිය

යාකොබ්ගේ ළිඳ ළඟදී යේසුස් තමන්ට කතා කරපු එක ගැන සමරිතානු ස්ත්‍රියක් පුදුම වුණා. ඒ ඇයි? යේසුස් වෙන කාටවත් කියපු නැති දෙයක් සමරිතානු ස්ත්‍රියට කිව්වා. ඒ මොකක්ද?

78වෙනි පාඩම

යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරයි

යේසුස් ගෝලයන් සමහරදෙනෙකුට ‘මිනිසුන් අල්ලන්නන්’ වෙන්න කියලා ආරාධනා කළා. පස්සේ ඔහු ශුභාරංචිය දේශනා කරන්න ගෝලයන් 70දෙනෙකුව පුහුණු කළා.

79වෙනි පාඩම

යේසුස් බලවත් දේවල් කරයි

යේසුස් ගිය හැම තැනකටම අසනීපෙන් හිටිය අය සුවය ලබාගන්න ආවා. යේසුස් ඒ හැමෝවම සුව කළා. ඔහු මිය ගිය පුංචි දුවෙකුට ආයෙත් ජීවිතය දුන්නා.

80වෙනි පාඩම

යේසුස් නියෝජිතයන් දොළොස්දෙනාව තෝරාගත්තා

එයාලව තෝරගත්තේ මොනවටද? එයාලගේ නම් ඔයාට මතකද?

81වෙනි පාඩම

කන්ද උඩ දේශනය

යේසුස් සෙනඟකට වටිනා පාඩම් උගන්වයි.

82වෙනි පාඩම

යාච්ඤා කරන්න ඕන විදිහ යේසුස් ඉගැන්නුවා

යේසුස් ඔහුගේ ගෝලයන්ට ‘නොකඩවාම ඉල්ලන්න’ කියලා කිව්වේ මොන වගේ දේවල්ද?

83වෙනි පාඩම

යේසුස් දහස් ගණනකට කන්න දුන්නා

යේසුස් කරපු මේ පුදුම දෙයින් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?

84වෙනි පාඩම

යේසුස් වතුර මත ඇවිද්දා

යේසුස් වතුර මත ඇවිදිනවා දැක්කම ගෝලයන්ට කොහොම හැඟෙන්න ඇද්ද?

85වෙනි පාඩම

යේසුස් සබත් දවසකදී සුව කළා

ඔහු කරපු දේවල් ගැන සමහර අය සතුටු වුණේ නැත්තේ ඇයි?

86වෙනි පාඩම

යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවයි

මරියා අඬනවා දැක්කම යේසුස්ටත් ඇඬුණා. හැබැයි ටික වෙලාවකින් එයාලා හුඟක් සතුටු වුණා.

87වෙනි පාඩම

යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්‍රිය

යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්‍රියේදී එයාලට වැදගත් මඟ පෙන්වීම් දුන්නා.

88වෙනි පාඩම

යේසුස්ව අත්අඩංගුවට ගනියි

යූදස් ඉස්කාරියොත් කඩු අරන් ඉන්න පිරිසක් එක්ක යේසුස්ව අල්ලගන්න ඇවිත්

89වෙනි පාඩම

පේතෘස් යේසුස්ව අඳුනන්නේ නැහැ කියයි

කායෆස්ගේ ගෙදර ඇතුල් මළුවේදී වුණේ මොනවද? ගෙදර ඇතුළේදී යේසුස්ට වුණේ මොනවද?

90වෙනි පාඩම

යේසුස් ගොල්ගොතාවලදී මිය යයි

යේසුස්ව මරන්න කියලා පිලාත් අණ කළේ ඇයි?

91වෙනි පාඩම

යේසුස්ව නැවත නැඟිටුවයි

යේසුස් මැරුණට පස්සේ වුණේ මොන වගේ පුදුම දේවල්ද?

92වෙනි පාඩම

යේසුස් මුහුදු වෙරළේදී ගෝලයන්ව හම්බ වෙයි

යේසුස් එයාලට කිව්වේ මොනවද?

93වෙනි පාඩම

යේසුස් ස්වර්ගයට යයි

එහෙම කරන්න කලින් ඔහු ගෝලයන්ට වැදගත් මඟ පෙන්වීම් කිහිපයක් දුන්නා.

94වෙනි පාඩම

ගෝලයන්ට දෙවිගේ බලය ලැබෙයි

දෙවිගේ බලය නිසා එයාලට කරන්න පුළුවන් වුණේ මොකක්ද?

95වෙනි පාඩම

එයාලව නතර කරන්න කිසි දේකට බැරි වුණා

යේසුස්ව මරලා දාපු ආගමික නායකයන් දැන් උත්සාහ කරන්නේ ගෝලයන්වත් නිහඬ කරන්නයි. ඒත් ඒක කරන්න එයාලට බැහැ.

96වෙනි පාඩම

යේසුස් සාවුල්ව තෝරගනියි

සාවුල් ක්‍රිස්තියානීන්නට හුඟක් පීඩා කරන කෙනෙක්. ඒත් එයා වෙනස් වෙනවා.

97වෙනි පාඩම

කොර්නේලියස්ට දෙවිගේ බලය ලැබෙයි

යුදෙව්වෙක් නොවුණු මේ මිනිසාගේ ගෙදරට දෙවි පේතෘස්ව යැව්වේ ඇයි?

98වෙනි පාඩම

ශුභාරංචිය හුඟක් රටවල පැතිරුණා

පාවුල් වගේම එයාත් එක්ක ගිය අයත් ඈත රටවල දේශනා කළා.

99වෙනි පාඩම

සිරගෙයි භාරකරු ශුභාරංචිය පිළිගනියි

භූතයෙක්, භූමිකම්පාවක්, කඩුවක් මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

100වෙනි පාඩම

පාවුල් සහ තිමෝති

හොඳ යාළුවන් විදිහට දෙවිට සේවය කරපු මිනිසුන් දෙන්නෙක්.

101වෙනි පාඩම

පාවුල් රෝමයට ගිය ගමන

ගමනට මොන බාධකයක් ආවත් මේ නියෝජිතයා ඒවා බාධාවක් කරගත්තේ නැහැ.

102වෙනි පාඩම

අනාගතය ගැන යොහන් දැක්ක දර්ශන

යේසුස් යොහන්ට අනාගතය ගැන දර්ශන මාලාවක් පෙන්නුවා.

103වෙනි පාඩම

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

දෙවිගේ රාජ්‍යයෙන් පොළොවේ කරන වෙනස්කම් ගැන යොහන්ට දුන්න දර්ශනවලින් එළිදරව් වුණා.