Skip to content

පටුනට යන්න

11වෙනි කොටසට හැඳින්වීම

11වෙනි කොටසට හැඳින්වීම

මේ කොටසෙන් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල හඳුන්වලා දෙනවා. යේසුස් ඉපදුණේ පුංචි නගරයක ජීවත් වුණු අහිංසක පවුලක. වඩු වැඩ කරපු තාත්තත් එක්ක යේසුත් වැඩ කළා. යේසුස්ට තමයි මිනිසුන්ව ගලවගන්න පැවරුම ලැබුණේ. දේවරාජ්‍යයේ රජු විදිහට යෙහෝවා දෙවි තෝරගෙන තිබුණේ යේසුස්ව. දරුවෙක් විදිහට යේසුස්ට හැදී වැඩෙන්න සුදුසුම පවුලක් සුදුසුම පරිසරයක් යෙහෝවා දෙවි තෝරගත්ත විදිහ ගැන දරුවගේ හිතේ අගයක් ඇති කරන්න. යෙහෝවා දෙවි හෙරොද්ගෙන් යේසුස්ව ආරක්ෂා කරගත්තේ කොහොමද කියලත් දෙවිගේ අරමුණ වෙනස් කරන්න කිසිම දේකට බැරි ඇයි කියලත් බලන්න. යේසුස්ගේ මාර්ගය සකසන්න යෙහෝවා දෙවි යොහන්ව පාවිච්චි කළේ කොහොමද කියලත් ඉගෙනගන්න. පුංචි කාලේ ඉඳන්ම යෙහෝවා දෙවි ගැන කතා කරන්න යේසුස්ට කොච්චර ආසාවක් තිබුණද කියලත් කාවද්දන්න.

මේ කොටසේ

68වෙනි පාඩම

එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි

දරුවා ඉපදෙන කල් සෙකරියාට කතා කරන්න බැරි වෙයි කියලා දේවදූතයා කිව්වේ ඇයි?

69වෙනි පාඩම

ගාබ්‍රියෙල් මරියාව හම්බ වෙන්න එයි

දේවදූතයා මරියාට කිව්වේ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන පණිවිඩයක්.

70වෙනි පාඩම

දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි

පණිවිඩය දැනගත්තම එඬේරුන් ඉක්මනටම යේසුස් හිටිය තැනට ගියා

71වෙනි පාඩම

යෙහෝවා දෙවි යේසුස්ව ආරක්ෂා කරයි

නපුරු රජෙක්ට ඕන වුණා යේසුස්ව මරන්න

72වෙනි පාඩම

යේසුස්ගේ ළමා විය

යේසුස් දේවමාලිගාවේ හිටිය ගුරුවරුන්ව පුදුම කළේ කොහොමද?

73වෙනි පාඩම

යොහන් මාර්ගය සූදානම් කළා

යොහන් අනාගතවක්තෘවරයෙක් වුණා. ගැලවුම්කරුගේ පැමිණීම ගැන එයා මිනිසුන්ට ඉගැන්නුවා. මිනිස්සු මොකද කළේ?