Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න - ඇන්ඩ්‍රොයිඩ්

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න - ඇන්ඩ්‍රොයිඩ්

‘JW Library’ ඇප් එකට සාදරයෙන් පිළිගන්න කැමතියි. මේ ඇප් එක හදලා තියෙන්නේ බයිබලය කියවන්නත් අධ්‍යයනය කරන්නත් උදව්වක් විදිහට. මේකෙ තියෙන නැවිගේෂන් තිරයෙන් ප්‍රධාන අංගවලට යන්න පුළුවන්. තිරයේ වම් කෙළවරට ඇඟිල්ල තියලා තිරය හරහා ඇද්දොත් නැවිගේෂන් තිරය දකින්න පුළුවන්. එහෙම නැත්නම් වම් කෙළවරේ උඩම තියෙන මෙනු බට්න් එක ටැප් කරන්න.

 බයිබලය

බයිබලය ටැප් කළාම ඔයාට බයිබලය කියවන්න නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. බයිබලයේ පොතක් උඩ ටැප් කරන්න. ඊටපස්සේ පරිච්ඡේදය උඩ ටැප් කරන්න. දැන් කියවන්න පටන්ගන්න. කියවන ගමන් දකුණු පැත්තේ තීරුවේ පාදසටහන්, යොමු සටහන් සහ වෙනත් බයිබල්වල ඒ පදය තියෙන විදිහ ඔයාට බලාගන්න පුළුවන්.

වෙනම බයිබල් පදයක් බලන්න ඕනෙ නම් නැවිගේෂන් තිරයට ගිහින් ආයෙත් බයිබලය උඩ ටැප් කරන්න. එතකොට බයිබල් පොත් තියෙන පටුනට ආයෙත් යන්න පුළුවන්.

 ප්‍රකාශන

ප්‍රකාශන උඩ ටැප් කළොත් අපේ ප්‍රකාශන, ඕඩියෝ, වීඩියෝ බලන්න පුළුවන්. ප්‍රකාශනයක් උඩ ටැප් කරන්න. ලිපියක් තෝරගෙන කියවන්න. කියවගෙන යද්දී ඒකේ තියෙන බයිබල් පද බලන්නත් ඔයාට පුළුවන්. බයිබල් පදයක් උඩ ටැප් කළාම ඒක දකුණු පැත්තේ තීරුවේ දකින්න පුළුවන්. ඒ තීරුවේ තියෙන බයිබල් පදය උඩ ටැප් කළාම ඒක බයිබලයේ තියෙන්නේ කොතනද කියලා පෙන්නයි.

වෙනත් ප්‍රකාශනයක් බලන්න ඕනෙ නම් නැවිගේෂන් තිරයට ගිහින් ආයෙත් ප්‍රකාශන උඩ ටැප් කරන්න.

 දිනපදය

නැවිගේෂන් තිරයට ගිහින් දිනපදය ටැප් කරලා දවසට අදාළ දිනපදය බලන්න.

 ඔන්ලයින්

නැවිගේෂන් තිරයේ තියෙන ඔන්ලයින් ටැප් කළොත් අපේ නිල වෙබ් අඩවිවලට යන්න පුළුවන්.

 අලුත්ම අංග ලබාගන්න

අලුත්ම අංග ලබාගන්න නම් ‘JW Library’ එක නිතරම අප්ඩේට් කරගන්න.

ඔයාගේ ඩිවයිස් එකට අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක දාගන්න. තව විස්තර මේ ලින්ක් එකෙන් දැනගන්න: https://support.google.com/nexus/answer/4457705.

ඩිවයිස් සෙටිංස් යටතේ, ඔටෝමැටික් ඇප් අප්ඩේට් ඔන් කරලා තියාගන්න එක ඔයාට ලේසියි. තව විස්තර මේ ලින්ක් එකෙන් දැනගන්න: https://support.google.com/googleplay/answer/113412.