Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—වින්ඩෝස්

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—වින්ඩෝස්

පොත්, සඟරා, පත්‍රිකා සහ වීඩියෝ සිය ගාණක් ‘JW ලයිබ්‍රරි’ එකෙන් ඕෆ්ලයින් ඉද්දී බලන්න පුළුවන්.

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසාගන්න මේ උපදෙස් පිළිපදින්න:

 ප්‍රකාශනයක් ඩවුන්ලෝඩ් කරන්න

කැමති තරම් ප්‍රකාශන ගණනක් ඩවුන්ලෝඩ් කරගෙන ඕෆ්ලයින් ඉද්දී ඒවා කියවන්න සහ අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්.

  • ස්ක්‍රීන් එකේ උඩින්ම තියෙන බාර් එකේ ප්‍රකාශන කියන ටැබ් එක උඩ ටැප් කරලා වර්ගය අනුව කියන ටැබ් එක ටැප් කරන්න. එතකොට ප්‍රකාශන ලැයිස්තුව ස්ක්‍රීන් එකේ දිස් වෙයි.

  • ඇප් කමාන්ඩ්ස් බාර් එක ඕපන් කරලා භාෂා බට්න් එක ටැප් කළාම අපේ ප්‍රකාශන තියෙන හැම භාෂාවක්ම දැකගන්න පුළුවන්. කැමති භාෂාව තෝරගන්න. ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ ඔයා වැඩියෙන්ම පාවිච්චි කරපු භාෂාවයි. භාෂාවේ නම ටයිප් කරලා හොයන්නත් පුළුවන්.

ප්‍රකාශනයක් හොයාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම ‘JW ලයිබ්‍රරි’ එකේ තියෙනවා.

වර්ගය අනුව කොටස ඉන් එකක්. ඔයා හොයන භාෂාවෙන් තියෙන පොත්, පත්‍රිකා හෝ වීඩියෝ කාණ්ඩවලට වෙන් කරලා තියෙනවා. වෙන් කරලා තියෙන ඒ වර්ග උඩ ටැප් කළාම අවුරුදු විදිහට වෙන් කළ ‘මුරටැඹ’ කලාප සහ විවිධ කාණ්ඩවලට වෙන් කළ වීඩියෝ වගේ අමතර කාණ්ඩ දැකගන්නත් පුළුවන්. ආයෙත් ලැයිස්තුව බලාගන්න ඕනෙ නම් සියලුම වර්ග කියන ටැබ් එක ටැප් කරන්න.

ඔයාට ඕන භාෂාවෙන් මෑතකදී පළ කරපු ප්‍රකාශන බලාගන්න අලුත්ම කියන කොටස ටැප් කරන්න.

Cloud අයිකන් එක (වලාකුළක හැඩය ඇති) දිස් වෙන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරලා නැති ප්‍රකාශන පෙන්වන්නයි. ප්‍රකාශනයක් උඩ ටැප් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් වුණාම cloud අයිකන් එක නැති වෙලා යනවා. ප්‍රකාශනය කියවන්න ආයේ සැරයක් ඒ ප්‍රකාශනය උඩ ටැප් කරන්න.

ඕනෑම භාෂාවකින් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රකාශන ඩවුන්ලෝඩ් කළ කියන කොටස ඇතුළේ දැකගන්න පුළුවන්. ඒ ලැයිස්තුවේ තියෙන ප්‍රකාශන නිතර බලන, ඉඳහිට බලන හෝ ප්‍රමාණයෙන් විශාල කියන කාණ්ඩවලට වෙන් කරගන්න පුළුවන්.

 ප්‍රකාශනයක් ඩිලීට් කරන්න

ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රකාශනයක් තවදුරටත් ඕනෙ නැත්නම් හෝ ස්ටෝරේජ් ස්පේස් ඉතුරු කරගන්න ඕනෙ නම් ඒක ඩිලීට් කරන්න පුළුවන්.

ස්ක්‍රීන් එකේ උඩින්ම තියෙන බාර් එකේ ප්‍රකාශන ටැබ් එක ටැප් කරන්න. ඊටපස්සේ වර්ගය අනුව කියන බට්න් එක ටැප් කරන්න. එතකොට ප්‍රකාශන ලැයිස්තුවක් දකින්න ලැබෙනවා. ඔයාට ඩිලීට් කරන්න ඕන ප්‍රකාශනය උඩ මොහොතක් ඔබාගෙන හිටියාම ඒක සිලෙක්ට් වෙනවා. දැන් ඇප් කමාන්ඩ්ස් බාර් එකේ ඩිලීට් කියන බට්න් එක ටැප් කරලා ඩිලීට් කරන්න කියලා සහතික කරන්න.

ඔයාට ස්ටෝරේජ් ස්පේස් ඉතුරු කරගන්න ඕනෙ නම් ඉඳහිට බලන ප්‍රකාශන හෝ ප්‍රමාණයෙන් විශාල ප්‍රකාශන ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඒකට ප්‍රකාශන ටැබ් එක ඔබලා ඩවුන්ලෝඩ් කළ කියන කොටසට යන්න. ඊළඟට ඉඳහිට බලන හෝ ප්‍රමාණයෙන් විශාල කියන කාණ්ඩවලට වෙන් කරගන්න. ඊටපස්සේ ඕනෙ නැති ප්‍රකාශන ඩිලීට් කරන්න.

 ප්‍රකාශනයක් අප්ඩේට් කරගන්න

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගත්තාම ඒවාට විටින් විට ‘අප්ඩේට්ස්’ එනවා.

ප්‍රකාශනයක් අප්ඩේට් කරන්න තියෙනවා නම් එතැන ‘රිෆ්‍රෙෂ්’ අයිකන් එකක් පෙන්නනවා. ඔයා ප්‍රකාශනය උඩ ටැප් කළාම අප්ඩේට් එකක් තියෙනවා කියලා පෙන්නයි. අප්ඩේට් කරගන්න ඕනෙ නම් ඩවුන්ලෝඩ් බට්න් එක ටැප් කරන්න. අප්ඩේට් නොකර දැනට තියෙන ප්‍රකාශනය කියවගෙන යන්න කැමති නම් පසුව කියන බට්න් එක ටැප් කරන්න.

ඔයා දැනටමත් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ප්‍රකාශනවලට අප්ඩේට්ස් තියෙනවාද කියලා දැනගන්න ප්‍රකාශන ටැබ් එක ටැප් කරන්න. එතකොට අලුත් අප්ඩේට්ස් කියන බට්න් එක පෙන්නනවා. ඒක ටැප් කළාම අප්ඩේට්ස් ඇවිත් තියෙන ප්‍රකාශන ලැයිස්තුව බලාගන්න පුළුවන්. ප්‍රකාශනයක් උඩ ටැප් කළාම ඒක අප්ඩේට් වෙන්න පටන්ගන්නවා. සියල්ල අප්ඩේට් කරන්න කියන බට්න් එක ටැප් කළොත් අප්ඩේට්ස් ඇවිත් තිබුණු හැම ප්‍රකාශනයක්ම අප්ඩේට් වෙනවා.

2015 මාර්තු මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.4 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. වින්ඩෝස් 8.1 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—වින්ඩෝස්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.