Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

කියවන්න කැමති විදිහට සකස් කරගන්න - ඇන්ඩ්‍රොයිඩ්

කියවන්න කැමති විදිහට සකස් කරගන්න - ඇන්ඩ්‍රොයිඩ්

‘JW ලයිබ්‍රරි’ එකේ කියවන්න කැමති විදිහ සකස් කරගන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. ඔයා පරිච්ඡේදයක් හෝ ලිපියක් කියවද්දී ස්ක්‍රීන් එකේ උඩින්ම තියෙන ඇප් බාර් එකෙන් ඒවා බලාගන්න පුළුවන්.

කරන්න පුළුවන් තවත් දේවල් බලන්න ඕනෙ නම් තිත් තුනකින් පෙන්වලා තියෙන තව කියන බට්න් එක ටැප් කරන්න.

කියවන්න කැමති විදිහට සකස් කරගන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

 භාෂාව වෙනස් කරන්න

ඔයා කියවන පරිච්ඡේදයක, ලිපියක භාෂාව වෙනස් කරගන්නත් පුළුවන්.

  • භාෂා බට්න් එක ටැප් කළාම, ඔයා කියවමින් ඉන්න පිටුව තියෙන භාෂා ඔක්කොම බලාගන්න පුළුවන්. ලැයිස්තුවේ උඩින්ම පෙන්වන්නේ ඔයා වැඩියෙන්ම පාවිච්චි කරන භාෂාවන්. වෙන භාෂාවලින් තියෙන සරල කරන ලද ‘මුරටැඹ’ සඟරාත් ඒකේ තියෙනවා. ඔයා කැමති භාෂාව ටයිප් කරලත් හොයාගන්න පුළුවන්.

  • ඔයා දැනටමත් ඩවුන්ලෝඩ් කරලා නැති භාෂා cloud අයිකන් එකෙන් පෙන්නනවා. ප්‍රකාශනය ඩවුන්ලෝඩ් කරගන්න භාෂාව ටැප් කරන්න. ප්‍රකාශනය ඩවුන්ලෝඩ් වුණාට පස්සේ cloud අයිකන් එක නැති වෙනවා. ආයෙත් භාෂාව ටැප් කළාම ඒක කියවන්න පුළුවන්.

 අකුරුවල ප්‍රමාණය වෙනස් කරන්න

ඔයා කැමති විදිහට අකුරුවල ප්‍රමාණය හදාගන්න පුළුවන්.

අකුරු ප්‍රමාණය කියන බට්න් එක ටැප් කරන්න. ඔයා කැමති ප්‍රමාණයට ඒක අඩු වැඩි කරගන්න. එතකොට ඇප් එකේ හැම ප්‍රකාශනයක්ම පේන්නේ ඒ ප්‍රමාණයෙන්.

 පින්තූර හෝ අකුරු පෙන්වන්න

සමහර ලිපි පින්තූර විදිහටත් අකුරු විදිහටත් තියෙනවා. අදාළ බට්න් එක ටැප් කරලා දෙකෙන් කැමති විදිහක් තෝරගන්න.

  • පින්තූර විදිහට: පින්තූර විදිහට පෙන්නන පිටු තියෙන්නේ ප්‍රින්ට් කරපු ප්‍රකාශනයේ තියෙන විදිහට. ගීතිකා පොත වගේ මියුසික් නෝට්ස් තියෙන ප්‍රකාශන ඒ විදිහට බලන්න සමහර අය කැමතියි.

  • අකුරු විදිහට: අකුරු විදිහට පෙන්නන පිටුවල තියන බයිබල් පද බයිබලේට ලින්ක් කරලයි තියන්නේ. බයිබල් පදය ටැප් කළාම දැනටමත් තෝරගෙන තියෙන අකුරු ප්‍රමාණයෙන් බලන්න පුළුවන්.

 ඕපන් කරන්න

ඕපන් කරන්න බට්න් එක ටැප් කළාම ‘JW ලයිබ්‍රරි’ එකේ තියෙන දේවල් වෙනත් ඇප්වලින් බලන්න පුළුවන්.

ඕපන් කරන්න බට්න් එක ටැප් කරලා ඒ යටතේ තියෙනදේවල් බලන්න. උදාහරණෙකට ඕපන් කරන්න ඔන්ලයින් ලයිබ්‍රරි බට්න් එක ටැප් කළොත් ඔයා කියවමින් ඉන්න පිටුව ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ පෙන්නනවා.

 බයිබලය කැමති විදිහට සකස් කරන්න

ප්‍රකාශනයක තියෙන බයිබල් පද ටැප් කළොත් ඒ පද තිරයේ පෙන්නනවා. ඒ පදවලට යටින් තියෙන ගැළපෙන විදිහට සකසන්න බට්න් එක ටැප් කරන්න. ඔයා ඩවුන්ලෝඩ් කරපු බයිබල්වලින් කැමති එකක් ලැයිස්තුවට එකතු කරගන්න පුළුවන්.

Add හෝ Remove බට්න්වලින් පරිවර්තනයක් එකතු කරගන්න හරි අයින් කරගන්න හරි පුළුවන්. බයිබල් උඩට පහළට ඇදලා ඒවා කැමති පිළිවෙළට හදාගන්න.

‘JW ලයිබ්‍රරි’ එකෙන් තව බයිබල් ලබාගන්න ඕනෙ නම් “බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න—ඇන්ඩ්‍රොයිඩ්” බලන්න.

මේ අංග මුදාහැරියේ 2015 පෙබරවාරි මාසයේදී ‘JW ලයිබ්‍රරි’ 1.4 වර්ෂන් එකත් එක්ක. ඒක ඇන්ඩ්‍රොයිඩ් 2.3 හෝ පසුව ආපු වර්ෂන්වලත් වැඩ කරනවා. මේ අංග ඔයාගේ ඩිවයිස් එකේ පේන්න නැත්නම් අලුත්ම අංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න​—ඇන්ඩ්‍රොයිඩ්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.